චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ නව සංකල්පයන් සමග ඉදිරියට යන චීනය
2023-06-05 13:46:57
Share with:

සිය රටට ගැළපෙන ආකාරයේ නවීකරණ රටාවක් ළඟා කර ගැනීම උදෙසා චීනය කටයුතු කරමින් සිටී. දුගී බව තුරන් කිරීම, අධ්‍යාපනය නඟා සිටුවීම සහ තාක්ෂණ අංශයන් තුළ ද ඉතා සාර්ථක වීමට චීනයට හැකියාව ලැබුණේ චීන පාලන ව්‍යුහයේ සාර්ථකත්වයන් හේතුවෙනි. විශේෂයෙන්ම චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ නව සංකල්පයන් මෙහිලා සුවිශේෂී දායකත්වයක් ලබා දී ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ, ශ්‍රීපාලී මණ්ඩපයේ ජනසන්නිවේදන අධ්‍යනාංශයේ කථිකාචාර්ය අමිල ලොකුමාන්නගේ මහතා පවසයි.

ගෙවුණු දශකය තුළ චීනයේ ආර්ථික දර්ශකයන්හි පැහැදිලි වර්ධනයක් පෙන්නුම් කරයි. පර්යේෂණ සහ සංවර්ධනය සඳහා මහජන කේන්ද්‍රීය දර්ශකයක් චීනය හඳුන්වා දී ඇති බව ද හෙතෙම කියාසිටී. ඒ හරහා ජනතාවගේ අවශ්‍යතාවයන්ට ගැළපෙන ආකාරයේ සංවර්ධනයක් ළඟා කර ගැනීමට චීනය අපේක්ෂා කරයි.

විශේෂයෙන්ම වර්තමානයේ චීනයේ චන්ද්‍රයා සහ අඟහරු ග්‍රහයා පිළිබඳ පර්යේෂණ ඇතුළු අභ්‍යවකාශ ක්ෂේත්‍රය ද නව පරිච්ඡේදයකට පිවිස ඇත. එමෙන්ම ඩිජිටල්කරණයේ පරිවර්තනයත් සමග එය වැඩි දියුණු කර ගනිමින් සහ නව බලශක්ති ප්‍රභවයන් වෙත ප්‍රවේශ වෙමින් නව යුගයේ චීනයේ ගමන්මග සාර්ථකව අත්හදා බලමින් සිටී. ෂී ජින්පිං මහතාගේ මෙම සංකල්පයන් තුළ ලෝකයට නව සංවර්ධන අකෘතියක් හඳුන්වා දී ඇති බව කථිකාචාර්ය අමිල ලොකුමාන්නගේ මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම