ඉරාක ජනාධිපතිවරයා සහ සිරියා විදේශ ඇමතිවරයා අතර හමුවක්
2023-06-05 09:43:41
Share with:

ඉරාක ජනාධිපති Abdul Latif Rashid මහතා හා සිරියා විදේශ ඇමති Faisal Mekdad මහතා Baghdad අගනුවරදී හමු වූහ. ඉරාකය හා සිරියාව අතර සබඳතාව, කලාපීය හා ජාත්‍යන්තර ප්‍රශ්න පිළිබඳව ඔවුහු සාකච්ඡා කළහ. අරාබි  සංගමයේ සිරියාවේ ආසනය යළි ස්ථාපිත කිරීම සමස්ත කලාපයට වැදගත් වන බව ඉරාක ජනාධිපති Abdul Latif Rashid මහතා එහිදී පැවසීය. ත්‍රස්තවාදී බලවේගය මර්දනය කිරීම, දේශසීමා පාලනය ශක්තිමත් කිරීම, කලාපීය ආරක්ෂාව හා ස්ථාවරත්වය තහවුරු කිරීම දෙරට ඒකාබද්ධව සිදු කළ යුතු බව හෙතෙම අවධාරණය කළේය.

කලාපීය දේශපාලන, ආර්ථික හා ආරක්ෂක කටයුතු වලට ඉරාකය සක්‍රීය ලෙස දායකත්වය දෙමින් සිටින බව සිරියා විදේශ ඇමති Faisal Mekdad මහතා එම හමුවේදී කීය. සිරියාව යළි අරාබි සංගමයට එක්වූ අවස්ථාවේ දී ඉරාකය වැදගත් බලපෑමක් සිදු කළ අතර ඉදිරියේ දී දෙරටේ සහයෝගතා අඛණ්ඩව ගැඹුරු කිරීමට බලාපොරොත්තුවන බවද හෙතෙම කීය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම