පොලිතීන් හා ප්ලාස්ටික් නිෂ්පාදන අමුද්‍රව්‍ය ආනයනයට සීමා පැනවෙයි
2023-06-05 17:45:37
Share with:

පොලිතීන් හා ප්ලාස්ටික් නිෂ්පාදනය සඳහා අදාළ අමුද්‍රව්‍ය මෙරටට රැගෙන ඒම නියාමනයකට යටත් කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය තීරණය කරයි.

ඊට අදාළ ගිවිසුමක් මධ්‍යම පරිසර අධිකාරිය හා රේගුව එක්ව අද  (5) අත්සන් තබන බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් එස්. පතිරගේ මහතා පැවසීය. ප්ලාස්ටික් හා පොලිතීන් නිපදවීමට අදාළ අමුද්‍රව්‍ය මෙරටට සීමාවකින් තොරව  රැගෙන ඒම කළමනාකරණය කිරීම ගිවිසුමේ අරමුණ බව ද ඔහු කියාසිටියේය.

ඒ අනුව, මෙකී අමුද්‍රව්‍ය මෙරටට ආනයනය කරන්නේ නම්, ඒ සඳහා මධ්‍යම පරිසර අධිකාරියෙන් අවසර පතක් ලබා ගත යුතු වේ. එසේම, ඒවායින් කෙරෙන නිෂ්පාදන හා ඒවා බැහැර කිරීම පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි නම් යළිත් එම අමුද්‍රව්‍ය ආනයනයට ඔවුන්ට අවසර හිමි නොවන බව ද පතිරගේ මහතා පවසයි.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම