මෙරට වගාබිම් සඳහා ප්‍රථම වරට ඩ්‍රෝන තාක්ෂණය
2023-06-05 14:20:52
Share with:

වගාබිම් සඳහා නවීන හා විද්‍යාත්මක ක්‍රමවේද අනුගමනය කරමින් ප්‍රථම වරට ඩ්‍රෝන තාක්ෂණය භාවිත කර කෘමිනාශක සහ වල්නාශක ඉසීමට යුද හමුදාව පියවර ගනී. ශ්‍රී ජයවර්ධනපුර යුද හමුදා මූලස්ථාන සංකීර්ණය ආශ්‍රිත අක්කර 8.5 ක  වගාවක් වෙනුවෙන් මෙම ක්‍රමවේදය යොදාගෙන ඇත.

අඩු පිරිවැයකින්, නිසි ප්‍රමාණයට කෘමිනාශක සහ වල්නාශක යොදා  අස්වැන්න ඉහළ නැංවීම මෙහි අරමුණයි. යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ  මහතාගේ  අධීක්ෂණය හා උපදෙස් යටතේ වැඩසටහන ක්‍රියාවට නැංවේ.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම