චීන තායිවාන සමුද්‍ර සන්ධියේ අර්බුද ඇතිකරන රටවල් කෙරෙහි චීනයේ දැඩි විරෝධය
2023-06-05 17:50:30
Share with:

ඇතැම් රටවල් චීන තායිවාන සමුද්‍ර සන්ධියේ අර්බුද ඇතිකිරීම පිළිබඳව දැඩි විරෝධය පළ කරන චීනය, තමරටේ ස්වෛරීභාවය දැඩි ලෙස ආරක්ෂා කිරීමට පියවර ගන්නා බව අවධාරණය කරයි.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද(5) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී මේ බව ප්‍රකාශ කළේය.

තායිවාන සමුද්‍ර සන්ධියේ දී චීන සහ ඇමරිකානු යුද නැව් අතර ඇතිවන අර්බුද පිළිබඳව Wang Wenbin මහතා පැවසුවේ,  ඇමරිකාව ගැටුම් නිර්මාණය කළ පසු චීනය නීති සහ රෙගුලාසිවලට අනුකූලව කටයුතු කරන බවයි. චීන හමුදාව විසින් ගනු ලබන එම ක්‍රියාමාර්ග අදාළ රටවල ප්‍රකෝප කිරීම්වලට එරෙහිව ගැනෙන ප්‍රතිපියවර වේ. ඒවා සම්පූර්ණයෙන්ම සාධාරණ සහ නීත්‍යනුකූල වන බව ද හෙතෙම සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම