ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය කෙරේ
2023-06-04 16:26:20
Share with:

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් සමාගම සිය මිල ගණන් සංශෝධනය කර තිබේ. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රුපියල් 452කින් පහත දමා ඇත. එහි නව මිල වන්නේ රුපියල් 3,186කි.

මේ අතර කිලෝ ග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 181කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 1,281කි. කිලෝගෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 83 කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 598කි.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම