යළි ජනාධිපති ධුරයේ දිවුරුම් දුන් තුර්කි ජනාධිපති නව කැබිනට් මණ්ඩලය නම් කරයි
2023-06-04 16:29:50
Share with:

ජනාධිපතිවරණයෙන් යළි ජය ගත් තුර්කි ජනාධිපති Tayyip Erdogan මහතා ඊයේ (03) තුර්කියේ අන්කාරා අගනුවරදී ජනාධිපති ධුරයේ දිවුරුම් දෙමින් නව කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන්ගේ නම් ලැයිස්තුව ප්‍රකාශයට පත් කර ඇත.

චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ විශේෂ දූතයා ලෙස චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ උප සභාපති Ding Zhongli මහතා එම දිවුරුම් දීමේ උත්සවයට එක්විය.

තුර්කි මහා ජාතික සභාවේදී දිවුරුම් දීමෙන් පසු Tayyip Erdogan මහතා ජනාධිපති මන්දිරයේ පැවති උත්සවයේදී ප්‍රකාශ කළේ තුර්කියට පෙර කවරදාටත් වඩා එක්සත්කම අවශ්‍ය බවයි. එමෙන්ම සිය නව ධුර කාලය තුළ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරන බවට ද හෙතෙම ප්‍රතිඥා දී තිබේ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම