ආසියා-පැසිෆික් කලාපය වර්තමානයේ මුහුණ දෙන ආරක්ෂක අභියෝග පිළිබඳව චීනයෙන් අනතුරු ‍ඇඟවීමක්
2023-06-04 15:28:48
Share with:

ආසියා-පැසිෆික් කලාපය පෙර නොවූ විරූ අයුරින් වර්තමානයේ මුහුණ දෙන ආරක්ෂක අභියෝග පිළිබඳව චීන රාජ්‍ය මණ්ඩල සාමාජික, ආරක්ෂක අමාත්‍ය Li Shangfu මහතා අනතුරු ඇඟවීමක් සිදු කළේය. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (04) පැවති 20 වැනි ෂැංග්‍රි-ලා සංවාදයේදී චීනයේ ආරක්ෂක මුලපිරීම පිළිබඳව පැහැදිලි කරමිනි.

යම් ප්‍රධාන රටක් විවිධ කලාපවල වර්ණ විප්ලව සහ ප්‍රොක්සි යුද්ධ නිර්මාණය කර, ගැටලුකාරී තත්ත්වයන් සහ විවිධ ගැටුම් හරහා අවුල් ජාලාවක් ඇති කර මේ වන විට ඉවත්ව ගොස් ඇත. නමුත් එවැන්නක් ආසියානු පැසිෆික් කලාපයේ සිදු වීමට කිසි විටෙකත් ඉඩ නොදිය යුතු බව හෙතෙම පැවසීය.

‍චීනය ජාතික ආරක්ෂක ප්‍රතිපත්තියක් අනුගමනය කරන අතර‍, එය ලෝකයේ සහ කලාපීය සුරක්ෂිතභාවය උදෙසා මෙහෙයවා ඇත.

එමෙන්ම තායිවාන ප්‍රශ්නය චීනයේ මූලික අවශ්‍යතාවල හරය බව සඳහන් කළ හෙතෙම, "යමෙක් තායිවාන ප්‍රදේශය චීනයෙන් වෙන් කිරීමට මැදිහත් වුවහොත්, චීන හමුදාව මොහොතක්වත් පසුබට නොවී අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ඇති” බව ද ප්‍රකාශ කළේය. චීනය කිසිවිටක විරුද්ධවාදීන්ට බිය නොවන අතර, ජාතික ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාවය අධිෂ්ඨානශීලීව ආරක්ෂා කරනු ඇත.

චීනය සහ ඇමරිකාව අතර ඇති වන ගැටුමක් ලෝකයට දරාගත නොහැකි ව්‍යසනයක් වනු ඇති බවද Li Shangfu මහතා අනතුරු ඇඟවීය. එහෙයින්, සෑම විටම අවංකව ක්‍රියා කරන ලෙසත්, සිදු කරන ප්‍රකාශ ක්‍රියාවන් සමග ගැලපිය යුතු බවත් , සබඳතා බිඳ වැටීම වැළැක්වීමට වහාම ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ඇමරිකා පාර්ශ්වයෙන් ඔහු ඉල්ලා සිටියේය. 

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම