Shenzhou 15 ගගනගාමීන් සහිත අභ්‍යවකාශ මෙහෙයුම සාර්ථක වේ
2023-06-04 16:05:54
Share with:

චීනයේ Shenzhou 15 ගගනගාමීන් සහිත අභ්‍යවකාශ යානයේ ආපසු පැමිණීමේ මොඩියුලය අද(4) බෙයිජිං වේලාවෙන් උදෑසන 6:33ට  පෘථිවියට සාර්ථකව ගොඩබස්වා ඇත.

Fei Junlong, Deng Qingming, Zhang Lu, යන Shenzhou 15  අභ්‍යවකාශ යානයේ සමස්ත ගගනගාමීන් කණ්ඩායම එම මොඩියුලයෙන් පිටතට පැමිණීමත් සමග Shenzhou 15 ගගනගාමීන් සහිත අභ්‍යවකාශ මෙහෙයුම සාර්ථක වූ බව සනිටුහන් විය.

එම අභ්‍යවකාශ යානය 2022 වසරේ නොවැම්බර් 29වනදා ජියුචුවන් චන්ද්‍රිකා ගුවන්ගත කිරීමේ මධ්‍යස්ථානයේ සිට නිකුත් කෙරිණ. ගගනගාමීන් තිදෙනා කක්ෂගතව විද්‍යාත්මක පරීක්ෂණ විශාල ප්‍රමාණයක් සිදු කළ අතර, අභ්‍යවකාශ භ්‍රමණයන් හතරක ද නිරත වූහ. ඒ අතරතුර යානයේ පිටත මෙහෙයුම් ද සාර්ථකව අවසන් කර ඇත.

මේ වන විට Shenzhou 15 අභ්‍යවකාශ යානයේ ගගනගාමීන් කණ්ඩායම ගුවන් යානයෙන් බෙයිජිං නගරයට ළඟා වී ඇති අතර ඔවුන්ගේ නිරෝධායන අදියර ද ආරම්භ විය. ඔවුහු පූර්ණ සෞඛ්‍ය පරීක්ෂණයකට හා ඇගයීම්වලට යොමු කර විවේක කාලයක් ද ලබා දෙනු ඇත. ඉන් අනතුරුව ඔවුන් මාධ්‍ය හමුවකට එක්වීමට ද නියමිතව තිබේ.  

  

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම