අනුබුදු මිහිඳු නාහිමියන්ගේ ලංකාගමනය සිදු වූ උතුම් පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අදයි
2023-06-03 16:34:35
Share with:

අනුබුදු මිහිඳු නාහිමියන්ගේ ලංකාගමනය සිදු වූ උතුම් පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අදයි. ඒ වෙනුවෙන් දිවයින පුරා ආගමික උත්සවය පවත්වන අතර, ප්‍රධාන උත්සව අනුරාධපුරයේ සහ මිහින්තලේ කේන්ද්‍ර කරගෙන පැවැත්වේ.

විවිධ ප්‍රදේශවල සීල ව්‍යාපාර, බෝධි පූජා, දන්සල්, පොසොන් භක්ති ගීත, පොසොන් තොරණ සහ පහන් කූඩු වැනි බොහෝ ආගමික කටයුතු සංවිධානය කර ඇත.

පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියාසිටියේ, මිහිඳු මහ රහතන් වහන්සේගේ වැඩම කරවීම ශ්‍රී ලාංකීය ඉතිහාසයේ ආගමික වශයෙන් වටිනාම සන්ධිස්ථානයක් බවයි. එපමණක් නොව ඉන් සමාජ, සංස්කෘතික හා දේශපාලන වශයෙන් අත්පත් කරගත් වටිනාකම් රැසක් ද ඇති බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි..

විශේෂයෙන්ම වැව,කෙත, දාගැබ මත ස්වයංපෝෂිත වූ ආර්ථිකයකට මඟ පෙන්වූ ධර්ම සංවාදය ද, දේශපාලන සමාජ සංස්කෘතික සංවාදය ද බිහිවූයේ මිහිඳු මහරහතන් වහන්සේගේ ආගමනයත් සමඟ බව එම පණිවුඩයේ දැක්වේ.

මිහිඳු මහ රහතන් වහන්සේගේ වැඩමවීමෙන් දායාද වූ පිවිතුරු බුදු දහමත්, හරවත් බොදු උරුමයත් සුරැකීමට කැප වන ලෙස මෙම පොසොන් පොහෝ දිනයේ දී සියලු බෞද්ධ ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම