චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඉදිරිපත් කළ මුලපිරීම් අප්‍රිකාවට ඉතාමත් වැදගත් බව කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ජනපතිගෙන් ප්‍රකාශයක්
2023-06-03 16:18:41
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඉදිරිපත් කළ ගෝලීය ආරක්ෂක මුලපිරුම, ගෝලීය සංවර්ධන මුලපිරුම සහ ගෝලීය ශිෂ්ටාචාර මුලපිරුම  තම රටට මෙන්ම සමස්ත අප්‍රිකාවටත් ඉතාමත් වැදගත් වන බව කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ජනාධිපති Félix Tshisekedi මහතා පවසනවා.

හෙතෙම චීන මාධ්‍ය සමූහය සමඟ පැවති වි‍ශේෂ සම්මුඛ සාකච්ඡාවකදී මේ බව සඳහන් කළා. තම රට ඇතුළු බොහෝ අප්‍රිකාවේ රටවල් විවිධ ප්‍රශ්නවලට මුහුණ දුන් බවත් එම ගැටළු එහි සංවර්ධනයට බාධාවක් වී ඇති බවත් ඔහු ප්‍රකාශ කළා. සාමය සාක්ෂාත් කර ගැනීම හා සංවර්ධනය ළඟා කර ගැනීම සඳහා චීනයේ සහය අවශ්‍ය බව ද Félix Tshisekedi මහතා පෙන්වා දුන්නා.

මේ දක්වා, චීනය අප්‍රිකාවේ බොහෝ යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා ආයෝජනය කර තිබෙනවා. එම ව්‍යාපෘති සංවර්ධනයට ඉතා වැදගත්. එවැනි ව්‍යාපෘති ඉදිරියේදී තවදුරටත් වැඩි වනු ඇතැයි අපේක්ෂා කරන බව ඔහු පවසනවා‍. දෙපාර්ශ්වයට ම ප්‍රතිලාභ ලබා ගත හැකි හවුල්කාරීත්වයක් ගොඩනැගීම පොදු අරමුණක්. අප්‍රිකානු නිදහස් වෙළඳ කලාපයක් ද ඉදි කෙරෙමින් පවතිනවා. එය සම්පූර්ණ කිරීමෙන් පසුව, අප්‍රිකාව ජනගහණය බිලියන 2 ක් සහිත ලෝකයේ විශාලතම වෙළඳපොළ බවට පත් වනු ඇති. චීනය එම වෙළඳපොළේ ගොඩනැගීම ප්‍රවර්ධනය කරමින් සිටිනවා. අනාගතයේ චීනය ‍එම ‍වෙළඳපොළේ සමීපම හවුල්කරුවෙක් වනු ඇති.

ෂී ජින් පිං මහතාගේ අභිලාෂයේ ඉතා පැහැදිලි ඉදිරි දැක්මක් ඇති අතර, එහි ප්‍රතිඵලය නිසැකවම ධනාත්මක වනු ඇති බවත්, එය චීනය කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කරනු ඇති බවත් Félix Tshisekedi ජනාධිපතිවරයා අවධාරණය කළා‍.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම