අතීත ක්‍රීඩාවේ නීති වෙනස් වී ඇති බව චීනයේ ජයග්‍රහණ ලෝකයට පෙන්වා දී ඇත -- එරිත්‍රියා ජනපති
2023-06-03 17:19:04
Share with:

එරිත්‍රියා ජනාධිපති Isaias Afwerki මහතා චීන මාධ්‍ය සමූහයේ මාධ්‍ය වේදිනි ‍ට්සෝ යුන් මෙනෙවිය සමග සම්මුඛ සාකච්ඡාවකට එක් විය.

ඇතැම් රටවල් චීනයේ සංවර්ධනය අවස්ථාවක් නොව තර්ජනයක් ලෙස සැලකීම සම්බන්ධයෙන් ‍ට්සෝ යුන් නැගූ ප්‍රශ්නයට ඔහු මෙසේ සිය අදහස් දැක්විය. 

ඉතිහාසයේ සිටම, ගෝලීය අසමතුලිතතා ඇති කිරීම, ඒ ඒ ප්‍රදේශවල ගැටුම් නිර්මාණය, ලෝක යුද්ධ සහ අඛණ්ඩ විරෝධතා ප්‍රකාශ කිරීම ලෝක ආධිපත්‍යය අපේක්ෂා කරන සුළු පිරිසකුගේ චින්තනයයි. එය අධිපතිවාදයයි. මිනිසුන් සහ රටවල් යටපත් කරමින් අවසානයේ ගෝලීය ආර්ථිකය පාලනය කිරීමට හෝ ආධිපත්‍යය හිමි කර ගැනීමට ඔවුන් උත්සාහ දරමින් සිටී. චීනයේ ජයග්‍රහණ ලෝකයට පෙන්වා දී ඇත්තේ අතීත ක්‍රීඩාවේ නීති වෙනස් වී ඇති බවයි. ලෝක ජනතාව එක්ව සහයෝගීතාවයෙන් ඉදිරියට ගමන් කළ යුතුය. නව ලෝක ක්‍රමය වන්නේ සහයෝගීතාව, අනුපූරකත්වය සහ ඒකාබද්ධව උත්සාහ දැරීම මිස ආධිපත්‍යය නොවන බව Isaias Afwerki මහතා ප්‍රකාශ කළේය.

නව යුගයේ චීනය හා අප්‍රිකාව අතර සහයෝගීතාව ඉහළ මට්ටමකට ගෙන ඒම පිළිබඳව අදහස් පළ කරමින් හෙතෙම ප්‍රකාශ කළේ, අප්‍රිකාව ආන්තිකකරණයෙන්  තවදුරටත් බේරා ගැනීමට චීනයේ සහයෝගය ඉදිරියටත් අපේක්ෂා කරන බවයි. එය වර්තමානයේ දෙපාර්ශ්වයම මුහුණ දෙන වැදගත් අභියෝගයකි. චීන -අප්‍රිකානු සහයෝගීතාව වඩා හොඳ ප්‍රගතියක් ලබා ගෙන ඇත. එහෙත් ආර්ථීක තත්ත්වයන් හේතුවෙන් අප්‍රිකාව තවමත් ලෝකයේ හුදකලා වූ මහගොඩබිමකි. 

අප්‍රිකාවට ස්වයංපෝෂිත ආර්ථික ව්‍යුහයක් තිබුන ද, එම ආර්ථීකය පසුගාමී ස්වරූපයක් ගනී. එම තත්ත්වයෙන් මිදීම අප්‍රිකානු ජනතාවගේ වගකීමක් වන බව හෙතෙම සඳහන් කළේය. ගත වූ දශක කිහිපය තුළ, අප්‍රිකාවේ ස්වයං ආධාර සඳහා චීනය ලබා දුන්  දායකත්වය ඉතා වැදගත් වේ. චීනය අප්‍රිකාව සංවර්ධනය කිරීමට අඛණ්ඩව සහය ලබා දී තිබේ. චීනය සහ අප්‍රිකාව අතර සහයෝගීතාවයේ ශක්තිය ඇති කරමින් අප්‍රිකාව ආන්තිකකරණයෙන් මුදවා ගැනීමේ ක්‍රියාවලියට තවදුරටත් ස

හය ලබා දෙනු ඇතැයි හෙතෙම අපේක්ෂා පළ කළේය.

ගුවන් විදුලිය
20240422සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම