ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ සිදුවූ මාරාන්තික දුම්රිය අනතුර සම්බන්ධයෙන් චීන ජනාධිපතිවරයාගේ සංවේගය
2023-06-03 19:48:01
Share with:

ඉන්දියාවේ මාරාන්තික දුම්රිය අනතුර සම්බන්ධයෙන් චීන ජනාධිපතිවරයා ඉන්දියානු ජනාධිපතිනිය හා අග්‍රාමාත්‍යවරයා වෙත සිය කනගාටු පළකරයි. ඊයේ (2) ඉන්දියාවේ නැගෙනහිර ඔඩිෂා ප්‍රාන්තයේ සිදුවූ මාරාන්තික දුම්රිය අනතුරකින් විශාල පිරිසක් මිය ගොස් හා තුවාල වීම සම්බන්ධයෙන් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඉන්දියානු ජනාධිපතිනි Droupadi Murmu මහත්මිය හා ඉන්දියානු අග්‍රාමාත්‍ය Narendra Modi මහතා වෙත අද (03) වෙන් වෙන්ව ශෝක පණිවුඩ යොමු කළේය. 

චීන රජය සහ චීන ජනතාව වෙනුවෙන් මෙන්ම පෞද්ගලිකව ද මිය ගිය පුද්ගලයින් සඳහා සිය ශෝකය පළකරන බවත් සිද්ධියෙන් මිය ගිය පුද්ගලයන්ගේ ඥාතීන්ට සංවේගය පළ කරන බවත් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා එම පණිවුඩ මගින් කියාසිටී. තුවාල ලැබුවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවද හෙතෙම ප්‍රකාශ කර ඇත. 

ඊට අමතරව චීන අග්‍රාමාත්‍ය Li Qiang මහතා ද ඉන්දියානු අග්‍රාමාත්‍ය Narendra Modi මහතා වෙත ශෝක පණිවුඩයක් යොමු කර ඇත.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම