එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය සුඩානයේ සහය මෙහෙයුම් විධානය දීර්ඝ කරයි
2023-06-03 15:56:36
Share with:

සුඩානයේ මේ වන විට ක්‍රියාත්මක එක්සත් ජාතීන්ගේ ඒකාබද්ධ සංක්‍රාන්ති සහය මෙහෙයුම් විධානය (UNITAMS) මේ වසරේ දෙසැම්බර් 3 දක්වා දීර්ඝ කිරීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඊයේ(02) තීරණය කළේය.

2685 යෝජනාවට අනුව සෑම දින 90 කට වරක්ම මෙම විධානයේ ක්‍රියාත්මක තත්ත්වය ආරක්ෂක මණ්ඩලය වෙත  වාර්තා කරන ලෙස සාමාජිකයින් 15 දෙනෙකුගෙන් සමන්විත එම විධානය මහලේකම්වරයාගෙන් ඉල්ලා ඇත. 

සුඩානය මුහුණ දී ඇති සංකීර්ණ අභියෝගවලට එක්සත් ජාතීන් ලබා දෙන ප්‍රතිචාර සම්බන්ධීකරණය කිරීමට නියොජිතයින්ගේ පැමිණීම වෙන කවරදාටත් වඩා වැදගත් බව ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයින් ද මෙහිදී පෙන්වා දුන්නේය.

2020 ජුනි 3 වනදා Khartoum හි මූලස්ථානයේදී ඇති කර ගත් එක්සත් ජාතීන්ගේ ඒකාබද්ධ සංක්‍රාන්ති සහය මෙහෙයුම් විධානය මාස 12 ක කාලයක් සඳහා ආරම්භ කරන ලද අතර, දේශපාලන ස්ථාවරත්වය සහ සාමය ඇති කිරීම මෙන්ම සංවර්ධන මුලපිරීම් මාලාවක් හරහා සුඩානයට සහාය දැක්වීමේ අරමුණින් එය දෙවරක්ම දීර්ඝ කරන ලදී. 

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම