දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය ලබන වසරේ දී ආරම්භ කෙරේ
2023-06-03 16:41:37
Share with:

දේශගුණික විපර්යාස පිළිබඳ යෝජිත ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය ලබන වසරේ දී ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන මහතා ප්‍රමුඛ දේශගුණික විපර්යාස පිළිබඳ ලේකම් කාර්යාලයේ නිලධාරීන් සමඟ පසුගියදා ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ය.


දේශගුණික විපර්යාස පිළිබඳ පර්යේෂණ සඳහා ජාත්‍යන්තර පිළිගැනීමකට ලක්වූ විද්‍යාඥයින් 130 දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් මේ වන විට හඳුනාගෙන ඇති බවද මෙහිදී අනාවරණය විය. එම විද්‍යාඥයන්ගේ ජාත්‍යන්තර සබඳතා මෙම විශ්වවිද්‍යාලයේ ක්‍රියාකාරිත්වය සඳහා දායක කර ගැනීම අරමුණයි.


ශ්‍රී ලංකාව කලාපයේ ප්‍රමුඛ නාවික කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමේ කටයුතු පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් වූ අතර, ශ්‍රී ලංකාව තුළ ආපදා වැළැක්වීමේ අධිකාරියක් නොමැතිකම බලවත් ගැටලුවක් බවත්, ආපදා අවස්ථාවලදී ඉන්දියාවෙන් ලැබෙන සහාය මත පමණක්ම රැඳී නොසිට රට තුළ ආපදා පෙර සූදානමක් ඇති කර ගැනීමේ වැදගත්කමත් ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම