ජාත්‍යන්තර ක්‍රියාවලිය තුළ පලස්තීන ප්‍රශ්නයට ප්‍රමුඛත්වයක් ලබා දෙන ලෙස චීනයෙන් ඉල්ලීමක්
2023-06-03 15:54:31
Share with:

ජාත්‍යන්තර ක්‍රියාවලිය තුළ පලස්තීන ප්‍රශ්නයට ප්‍රමුඛත්වයක් ලබා දෙන ලෙස චීනය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයෙන් යළි ඉල්ලීමක් කරයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීන නියෝජ්‍ය ස්ථාවර නියෝජිත Geng Shuang මහතා එම ඉල්ලීම ඉදිරිපත් කළේ එක්සත් ජාතීන්ගේ පලස්තීන සරණාගතයින් පිළිබඳ සහනාධාර හා ව්‍යාපෘති ඒජන්සිය වෙත පරිත්‍යග කිරීම සඳහා ඊයේ (2)පැවති රැස්වීමේදීය.  

ජගත් ප්‍රජාව සෑම විටම පලස්තීන ප්‍රශ්නය ජාත්‍යන්තර ක්‍රියාවලිය තුළ ප්‍රමුඛස්ථානයෙහිලා සැලකිය යුතුය. එහිදී පෙරටත් වඩා කඩිනමින්  "ද්වි-රාජ්‍ය විසඳුම" ඉදිරියට ගෙන යා යුතු බවද හෙතෙම සඳහන් කළේය.

මෑත වසර කිහිපය තුළ එක්සත් ජාතීන්ගේ පලස්තීන සරණාගතයින් පිළිබඳ සහනාධාර හා ව්‍යාපෘති ඒජන්සිය මූල්‍ය අර්බුදයකට මුහුණ දුන් බවත්, එම ඒජන්සියේ රාජකාරි ඉටු කිරීම දැඩි ලෙස සීමා කෙරුණු බවත් චීනයේ නිරීක්ෂණයට ලක් විය. එහෙයින් එම ඒජන්සිය සඳහා දේශපාලන සහය සහ මූල්‍ය සහතිකය ලබා දෙමින්, ජෝර්දානය, ලෙබනනය, සිරියාව යන රටවල සරණාගතයින් සඳහා සත්කාරකත්වය සපයන පාර්ශ්වයන්ට ද අවශ්‍ය ආධාර ලබා දෙන ලෙස චීනය ජගත් ප්‍රජාවගෙන් ඉල්ලා සිටින බව Geng Shuang මහතා ප්‍රකාශ කළේය.

 

ගුවන් විදුලිය
20240422සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම