18 ට වැඩි සෑම දෙනාටම බදු ලිපි ගොනුවක් විවෘත කිරීම අනිවාර්ය කෙරේ
2023-06-03 17:03:17
Share with:

ලබන වසරේ ජනවාරි පළමු වැනිදා සිට වයස අවුරුදු 18 ට වැඩි සෑම දෙනාම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු ලිපි ගොනුවක් විවෘත කිරීම අනිවාර්ය බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. 


අනාගතයේදී සුබසාධන ගෙවීම් මෙම බදු ලිපිගොනු අංකය මත පදනම් වන බවද අමාත්‍යවරයා  පැවසුවේය. වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, වරලත් ගණකාධිකාරීවරුන්, ගෘහ නිර්මාණ ශිල්පීන් ඇතුළු කාණ්ඩ 14කට අයත් වෘත්තිකයන් ඊයේ (01) සිට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීම අනිවාර්ය කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්ද නිකුත් කර ඇත.


ගැසට් නිවේදනය අනුව ඕනෑම අර්ථසාධක අරමුදලට මාසිකව සේව්‍ය සේවක දෙපාර්ශවයෙන්ම එක්ව රු. 20,000ට වැඩි දායකත්ව ලබා දෙයි නම් එම සේවකයන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීම අනිවාර්ය වේ.


ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම