නව බලශක්ති වාහන මිලදී ගැනීමේදී චීනයේ ක්‍රියාත්මක බදු සහන ප්‍රතිපත්තිය ඉදිරියටත්
2023-06-03 17:17:05
Share with:

නව බලශක්ති වාහන මිලදී ගැනීමේදී බදු අඩු කිරීම හා බදු නිදහස් ප්‍රතිපත්තිය අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් තවදුරටත් එය සාර්ථක කිරීමට පියවර ගන්නා බව චීනය පවසයි. 

ඊයේ(2) පැවති චීන රාජ්‍ය මණ්ඩලයේ නිත්‍ය රැස්වීමේදී නව බලශක්ති මෝටර් රථ කර්මාන්තයේ ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු සංවර්ධනය සඳහා ගත යුතු ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කර ඇත. නව බලශක්ති වාහනවල පරිභෝජන හැකියාව වැඩි කිරීම සඳහා නව බලශක්ති වාහන මිලදී ගැනීමේ දී බදු අඩු කිරීම සහ බදු නිදහස් ප්‍රතිපත්තිය අඛණ්ඩව ක්‍රියාත්මක කරන අතර, අදාළ ප්‍රතිපත්තිය තවදුරටත් සාර්ථක කිරීමට පියවර ගන්නා බව එම රැස්වීමේදී ප්‍රකාශ කෙරිණ.

නව බලශක්ති මෝටර් රථ, මෝටර් රථ කර්මාන්තයේ ව්‍යුහය වෙනස් කරමින් ඉහළ මට්ටමකට යොමු කිරීමේ ප්‍රධාන දිශාවයි. එහි සංවර්ධන අවකාශය ද ඉතා පුළුල් වේ. මෑත වසර කිහිපය තුළ චීනයේ නව බලශක්ති මෝටර් රථ කර්මාන්තය වේගවත් වර්ධනයක් පෙන්වයි. චීන මෝටර් රථ කර්මාන්ත සංගමයේ දත්තවලට අනුව, මේ වසරේ ජනවාරි මස සිට අප්‍රේල් මස දක්වා චීනයේ නව බලශක්ති මෝටර් රථ නිෂ්පාදන හා විකිණිමේ ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් මිලියන 2.291ක් හා මිලියන 2.222ක් වේ. 

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම