චීන ජාතිකයින්ගේ නවීන ශිෂ්ටාචාරය ගොඩනැගීම පිළිබඳ චීන ජනපතිගේ චින්තනය
2023-06-03 16:28:27
Share with:

ජුනි පළමුවනදා හා දෙවැනිදා යන දෙදින තුළ චීන උත්තරීතර නායක ෂී ජින්පිං මහතා චීන ජාතික ප්‍රකාශන හා සංස්කෘතික ලේඛනාගාරය හා චීන ඉතිහාස පර්යේෂණ ඇකඩමි පරිශ්‍රයේ නිරීක්ෂණ සංචාරයක් සිදු කළේය. එම ස්ථාන, රටේ නව සංස්කෘතික අධ්‍යයන මධ්‍යස්ථාන ලෙස හැඳින්වේ. අනතුරුව ඔහු සංස්කෘතික උරුම සහ එහි ප්‍රවර්ධනය පිළිබඳ සාකච්ඡාවකට එක් වෙමින් සමස්ත චීන ජාතිකයින්ගේ නවීන ශිෂ්ටාචාරය ගොඩනැගීම පිළිබඳව ප්‍රථම වරට අදහස් ඉදිරිපත් කර ඇත.

රටේ විශිෂ්ට සාම්ප්‍රදායික සංස්කෘතියේ සුරක්ෂිත බව, උරුමය හා නිර්මාණශීලිත්වයෙන් යුතු සංවර්ධනයට ෂී ජින්පිං මහතා ඉහළ අවධානයක් යොමු කරයි.  වසර පන්දහසකට වඩා වැඩි චීන ශිෂ්ටාචාරය, චීන ජාතිකයින්ගේ පදනම හා ආත්මය බවත්, ඉන් චීන ජාතිකයින්ගේ ගැඹුරුතම මානසික අ‍භිලාෂයන් හා අනන්‍ය ජීවගුණය ඉස්මතු වන බවත් ඔහු පවසයි. 

චීන මාදිලියේ නවීකරණය චීන ශිෂ්ටාචාරයට නව ශක්තියක් එක් කරන අතර, චීන ශිෂ්ටාචාරය චීන මාදිලියේ නවීකරණයට ගැඹුරු අර්ථකථනයක් ලබා දෙන බව ෂී ජින්පිං මහතා අවධාරණය කරයි. වසර පන්දහසක ශිෂ්ටාචාරයක පදනම මත චීනයට අනන්‍ය  වූ සමාජවාදය ගවේෂණය කරමින් මාක්ස්වාදය, චීනයේ ප්‍රායෝගික තත්ත්වය හා විශිෂ්ට සංස්කෘතිය සමග සම්මිශුණය කර නව ‍ඓන්ද්‍රිය ඒකාබද්ධ සංස්කෘතික ස්වභාවයක් නිර්මාණය කර ඇත. මේ අතරින් ගොඩනැගුණු නව යුගයේ චීන ලක්ෂණයෙන් යුතු සමාජවාදී චින්තනය, චීන කොමියුනිස්ට් පක්ෂයේ න්‍යායාත්මක හා ආයතනික නිමැවුමක් හා චීන ශිෂ්ටාචාරයේ වර්ධන තන්ත්‍රයේ පිළිබිඹුවකි. චීන කොමියුනිස්ට් පක්ෂයේ ඓතිහාසික හා සංස්කෘතික විශ්වාසය, නව මට්ටමකට ඉහළ නංවා ඇත්තේ ද මේ තුළින්මය.

    චීන ජාතිකයින්ගේ නවීන ශිෂ්ටාචාරය ගොඩනැගීම සඳහා, ස්ථිර සංස්කෘතික විශ්වාසයෙන් යුතුව පියවර තබමින් ආධ්‍යාත්මික ස්වාධීනත්වය ළඟා කර ගත යුතු බව ෂී ජින්පිං මහතා පෙන්වා දෙයි. මේ අතර විවෘතභාවය, සහයෝගිතාව සහ නිර්මාණශීලිත්වයෙහි එල්බ සිටිමින් චීන ඉතිහාස ග්‍රන්ථයට නව්‍ය ප්‍රවේශයක් එක් කළ යුතු බව ද ඔහු කියාසිටියි.

ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම