ඉන්දියාවේ මාරාන්තික දුම්රිය අනතුරකින් මියගිය පිරිස 261ඉක්මවයි
2023-06-03 15:50:48
Share with:

ඉන්දියාවේ නැගෙනහිර ඔඩිෂා ප්‍රාන්තයේ සිදුවූ මාරාන්තික දුම්රිය අනතුරකින් මියගිය පුද්ගලයින් ගණන 261ඉක්මවා ගොස් ඇත. එම අනතුරින් පුද්ගලයින් 900කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව ද වාර්තා වේ. 

ඔඩිෂා ප්‍රාන්තයේ දී දුම්රිය තුනක් එකිනෙකට ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. එම ප්‍රාන්තයේ ප්‍රධාන ලේකම් Pradeep Jena මහතාගේ ට්විටර් සටහනක දැක්වෙන්නේ, ඊයේ(02) සිදු වූ මෙම අනතුරින් අවම වශයෙන් පුද්ගලයින්261දෙනෙකු මිය ගොස්, 900 කට අධික පිරිසක් තුවාල ලබා ඇති අතර, මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි.

ඊයේ රාත්‍රී 7.20ට පමණ ඔඩීෂා අගනුවර වන Bhubaneswar සිට කිලෝමීටර් 171 ක් ඊසාන දෙසින් පිහිටි Balasore දිස්ත්‍රික්කයේ Bahanaga Bazar දුම්රිය ස්ථානය අසලදී මෙම අනතුර‍ සිදුව ඇත.

Kolkata සිට Chennai දක්වා ධාවනය වන Coromandel අධිවේගී දුම්රිය, Yashwantpur-Howrah අධිවේගී දුම්රියෙහි  ගැටී, එය පීලි පැන යාබද දුම්රිය මාර්ගයට පෙරළී ඇත. පසුව භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් ද එහි ගැටී අනතුරට ලක්ව ඇති බව වාර්තා වේ.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම