නැවත උපන් ගමට පැමිණි උපාධිධාරී තරුණ පරපුර
2023-06-02 08:40:27
Share with:

නැගෙනහිර චීනයේ Zhejiang පළාතේ Hongmiao ගම්මානයේ, විශ්වවිද්‍යාල උපාධිධාරීන්ගෙන් සමන්විත කණ්ඩායමක් සංචාරක කටයුතු වල නිරත වෙමින් සිටිනවා. වසර ගණනාවක් ති‍ස්සේ එහි අත්හැර දමනු ලැබූ පතලක් ආකර්ෂණීය ස්ථානයක් බවට පරිවර්තනය කිරීමට ඒ කණ්ඩායම සමත් වුණා. ගතවූ වසරක් තුළ, එම පතල නැරඹූ සංචාරකයින් තුන් ලක්ෂ පනස් දහසක් ඔවුන් පිළිගෙන තිබෙනවා.

Hongmiao ගම්මානයේ උපත ලැබූ Cheng Shuoqin, මේ වසරේ 30වැනි වියේ පසුවනවා. 2016 වසරේ විශ්වවිද්‍යාල උපාධියක් ලබා ගැනීමෙන් පසු රාජකාරි රැසක් වෙනුවෙන් ඔහු වෙහෙසුනා. 2022 වස‍රේ මුල් කාලයේ, ඔහු යහළුවන් 6දෙනෙකු සමග උපන් ගමට ආපසු පැමිණ ව්‍යපාරයක් ආරම්භ කළා.

පසුගිය වසරේ මැයි දින නිවාඩු සමයේ ඔවුන් එම පතල මූලික කරගෙන සංවර්ධනය කළ ‘සංචාරක අංක 1 කඳවුර’ ජනතාව වෙත විවෘත වුණා. එක් දවසකට එහි සංචාරකයන්ගේ උපරිම ගණන අටදහසක් වීම විශේෂයි.

දැනට Cheng Shuoqin ගේ කණ්ඩායම විශ්වවිද්‍යාල උපාධිධාරීන් 21දෙනෙකුගෙන් සමන්විතයි. ඔවුන්ගේ සංචාරක කඳවුර ද අඛණ්ඩ ව පුළුල් වෙමින් පවතිනවා. මීට සමගාමීව, ප්‍රාදේශීය රජය සමග, විශ්වවිද්‍යාල උපාධිධාරීන් කැඳවා ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට ඔවුන් කටයුතු කරනවා. වඩාත් වැඩි උපාධිධාරීන් පිරිසකට Hongmiao ගම්මානය තුළ සිය ව්‍යාපාර ආරම්භ කළ හැකි වනු ඇති බවට අපේක්ෂා කෙරෙනවා.



ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම