චීනයට යුනෙස්කෝ සංවිධානයේ ඉහළ ධුරයක්
2023-06-02 11:13:15
Share with:

යුනෙස්කෝ සංවිධානයේ 1970 සංස්කෘතික දේපල නීතිවිරෝධී ආනයනය, අපනයනය සහ අයිතිය පැවරීම තහනම් කිරීම සහ වැලැක්වීම පිළිබඳ සම්මුතියේ රාජ්‍ය පාර්ශවකරුවන්ගේ සම්මේලනයේ උප සභාපතිධුරය ප්‍රථම වරට චීනයට හිමිවෙයි. පැරිස් නුවර පැවති එහි හත්වන සමුළුව සහ 11 වැනි අනුබද්ධ කමිටුවේ සමුළුවේදී චීනය එම ධුරයට පත්විය. එහි අනුබද්ධ කමිටුවේ සාමාජිකයෙකු ලෙස ද චීනය සාර්ථකව නැවත තේරී පත් විය.

චීනය රාජ්‍ය පාර්ශ්වකරුවන්ගේ සම්මේලනයේ උප සභාපතිවරයා සහ අනුබද්ධ කමිටුවේ සාමාජිකයෙකු ලෙස තේරී පත්වීම, සංස්කෘතික දේපල නීති විරෝධී ජාවාරමට එරෙහිව සටන් කිරීම සහ අස්ථාන ගතවූ සංස්කෘතික වස්තූන් ආපසු ලබා දීම ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් චීනයේ සිදුකරන ජාත්‍යන්තර සහයෝගීතාවයේ වැදගත් ජයග්‍රහණයකි. එසේම, අස්ථාන ගතවූ සංස්කෘතික වස්තූන් සොයා ගෙන යළි භාරදීම සඳහා නව ජාත්‍යන්තර පිළිවෙලක් ගොඩනැගීමට නායකත්වය දීම සඳහාද  චීනයට එය ප්‍රයෝජනවත් වනු ඇත.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම