අප්‍රේල් මස අවසන් වන විට දළ නිල සංචිතය ඩොලර් බිලියන 2.8 දක්වා ඉහළට
2023-06-02 16:08:39
Share with:

මේ වසරේ (2023) අප්‍රේල් මාසය අවසන් වන විට මෙරට දළ නිල සංචිතය එ.ජ.ඩො. බිලියන 2.8 දක්වා වැඩි වී ඇති බව මහ බැංකුව පවසයි.

2022 වසරේ අප්‍රේල් මාසය අවසන් වන විට එය පැවතියේ එ.ජ.ඩො. බිලියන 1.8 ක් ලෙසයි. මෙලෙස සංචිත ඉහළ යෑමට චීන මහජන බැංකුවෙන් ලද ඩොලර් බිලියන 1.4කට සමාන විදේශ විනිමය හුවමාරු පහසුකමද ඉවහල් වූ බවද මහ බැංකුව ‘2023 අප්‍රේල් විදේශ අංශයේ ක්‍රියාකාරිත්වය  යන මැයෙන් වාර්තාවක් එළිදක්වමින් සඳහන් කරයි.

විනිමය අනුපාතිකය අධික ලෙස අතිප්‍රමාණය වැළැක්වීම සහ සංචිත වැඩි කිරීම සඳහා මහ බැංකුව දේශීය-විදේශීය විනිමය වෙළෙඳපොළට මැදිහත් වී ඇත. ඒ අනුව 2023 අප්‍රේල් මාසයේ මෙම විනිමය වෙළෙඳපොළින් එ.ජ.ඩො. මිලියන 148ක් මහ බැංකුව මිල දී ගෙන ඇත. ඒ හේතුවෙන් අප්‍රේල් මාසය අවසන් වන විට ද්‍රවශීල සංචිතවල කැපී පෙනෙන වර්ධනයක් ඇති වී ඇති බව මහ බැංකුව පෙන්වා දෙයි.


 




ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම