ගෝලීය මුදල් ඒකක පද්ධතියේ ඇමරිකානු ඩොලරයට හිමි ස්ථානයට සෘණාත්මක බලපෑම්
2023-06-02 11:07:04
Share with:

ගෝලීය මුදල් ඒකක පද්ධතියේ ඇමරිකානු ඩොලරයට හිමි ස්ථානයට සෘණාත්මක බලපෑම් එල්ලවීමක් පෙන්නුම් කෙරේ.

ඉදිරි දශක කිහිපයේදී ද ‍ගෝලීය මුදල් ඒකක පද්ධතියේ ඇමරිකානු ඩොලරයට පෙර මෙන්ම මුල් තැන හිමි වුව ද එම පද්ධතිය වඩාත් බහුධ්‍රැවීය වනු ඇතැයි ජාත්‍යන්තර විශ්ලේෂණ වාර්තාවක් පෙන්වා දී තිබේ. ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන Moody's Investors Service සමාගම නිකුත් කළ එම විශ්ලේෂණ වාර්තාවට අනුව ඇමරිකාව ආරක්ෂණවාදයට නැඹුරු වීම හා ණය පැහැර හැරීමේ අවදානම ඇතුළු සාධකවලින් ඇමරිකානු ඩොලරයේ ගෝලීය ප්‍රමුඛත්වයට තර්ජන එල්ල වී ඇත. ඇමරිකාවේ ණය සීමා ගැටළුව විසඳුණ ද ගෙවුණු දශකයේ රටේ දේශපාලන පරිසරයේ ධ්‍රැවීකරණය උග්‍ර වීම හේතුවෙන් ඇමරිකානු රජය තීරණ ගැනීමේදී එහි ඵලදායීතාව හා එයින් ඇති වන බලපෑම් අවම වී තිබේ. ඇමරිකාව අනිසි ලෙස සෙසු රටවලට එරෙහිව සම්බාධක පැනවීමෙන් ‍‍ගෝලීය වෙළඳ හා මූල්‍ය පද්ධතිවල ඇමරිකානු ඩොලරයේ නිදහස් සංසරණයට බාධා වී තිබෙන බව  එම විශ්ලේෂණ වාර්තාව සඳහන් කර ඇත.

 

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම