පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ පොදු ප්‍රවාහන ‍සේවාවක්
2023-06-02 16:02:43
Share with:

ශ්‍රී ලංකාවේ ජාතික, ආගමික හා සංස්කෘතික වශයෙන් සුවිශේෂී වැදගත්කමක් හිමි වන පොසොන් පොහෝ දිනය නිමිති කරගෙන මිහින්තලය, අනුරාධපුර අටමස්ථානය සහ තන්තිරිමලේ ඇතුළු බෞද්ධ සිද්ධස්ථාන වන්දනා කිරීම සඳහා ගමන් ගන්නා ජනතාව වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සැලසුමක් සකස් කරන ලෙස ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ලංකා ගමනාගමන මණ්ඩලය වෙත උපදෙස් දී ඇත.

එමෙන්ම පොසොන් උත්සවය වෙනුවෙන් අද (02) සිට 05 වනදා දක්වා විශේෂ දුම්රිය ගමන්වාර 12 ක් පමණ ධාවනයට යොදවා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ජුනි මස 02 වනදා පස්වරු 1.00 සිට මෙම විශේෂ දුම්රිය සේවාව ක්‍රියාත්මක වේ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම