Zaporozhye න්‍යෂ්ටික බලාගාරයේ වත්මන් තත්ත්වයෙන් සිදු විය හැකි අනතුරු වළක්වා ගන්නා ලෙස චීන‍යෙන් ඉල්ලීමක්
2023-06-02 18:42:01
Share with:

Zaporozhye න්‍යෂ්ටික බලාගාරයේ වර්තමාන තත්ත්වය අනතුරුදායක වන හෙයින්, එමගින් සිදු විය හැකි ‍සියලු අනතුරු වළක්වා ගැනීමට කටයුතු කරන  ලෙස චීනය අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී.

මානුෂීයවාදය, විද්‍යාත්මක තාර්කිකත්වය, සහයෝගීතාවය සහ "න්‍යෂ්ටික ආරක්ෂාව පිළිබඳ සම්මුතිය" අනුගමනය කරන ලෙසත්, න්‍යෂ්ටික පහසුකම්වලට හානි කිරීම හා සිදු විය හැකි සියලු අනතුරු වළක්වා ගන්නා ලෙසත්, චීනය අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද (2) පැවසුවාය‍.

Zaporozhye න්‍යෂ්ටික බලාගාරයේ වර්තමාන තත්ත්වය ඉතා අනතුරුදායක වන අතර, රුසියාව හා යුක්‍රේනය ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ මූලධර්ම පහ අනුගමනය කළ යුතු බව එම ඒජන්සියේ අධ්‍යක්ෂ ජනරාල් Rafael Grossi මහතා ද පසුගියදා සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන්, Rafael Grossi මහතාගේ කැපවීම චීනය අගය කරයි. න්‍යෂ්ටික පහසුකම්වල ආරක්ෂාව සහතික කිරීමට එම ඒජන්සිය ලබා දෙන දායකත්වයට චීනය ද සහය වන බව Mao Ning මහත්මිය පෙන්වා දුන්නාය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම