චීන ජනපති නව සංස්කෘතික මෙහෙයුම ක්‍රියාත්මක කරමින් නවීන ශිෂ්ටාචාරය ගොඩනැගීමේ වැදගත්කම අවධාරණය කරයි
2023-06-02 19:57:26
Share with:

නව සංස්කෘතික මෙහෙයුම භාර ගෙන සමස්ත චීන ජාතිකයින්ගේ නවීන ශිෂ්ටාචාරය ගොඩනැගීමට කටයුතු කළ යුතු බව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ප්‍රකාශ කරයි.

ජනාධිපතිවරයා ඊයේ(02) මේ බව ප්‍රකාශ කළේ, බෙයිජිංහි පැවති සංස්කෘතික උරුම සහ එහි ප්‍රවර්ධනය පිළිබඳ සාකච්ඡාවකට එක් වෙමිනි. 

එම සාකච්ඡාවට එක්වීමට පෙර හෙතෙම චීන ජාතික ප්‍රකාශන හා සංස්කෘතික ලේඛනාගාරය හා චීන ඉතිහාස පර්යේෂණ ඇකඩමි පරිශ්‍රයේ නිරීක්ෂණ සංචාරයක් සිදු කළේය. 

පළමුවනදා පස්වරුවේ  චීන ජාතික ප්‍රකාශන හා සංස්කෘතික ලේඛනාගාරයට පැමිණි ෂී ජින්පිං මහතා, එම ලේඛනාගාරයේ සංවර්ධනය දැවැන්ත ශිෂ්ටාචාරයක් සහිත රටක මූලික ව්‍යාපෘතියක් බවත්, එය අනාගතයේදීත් ඉතා වැදගත්කමක් හිමි වන සංකේතවත් සංස්කෘතික ව්‍යාපෘතියක් බවත් ප්‍රකාශ කළේය.

අද(02) පස්වරුවේ හෙතෙම චීන ඉතිහාස පර්යේෂණ ඇකඩමි පරිශ්‍රයට පැමිණියේය. චීන ශිෂ්ටාචාරයේ දිගු ඉතිහාසය හා චීන සංස්කෘතියේ ගැඹුරු බව අවබෝධ කර ගැනීමට නම්, පුරා විද්‍යාව අතිශයින් වැදගත් බව ඔහු එහිදී කියාසිටියේය.

අනතුරුව ඔහු එම පරිශ්‍රයේම පැවති සාකච්ඡාවට එක්වෙමින් වැදගත් දේශනය සිදු ක‍ළේය. චීන ශිෂ්ටාචාරයේ ඉතිහාසය ගැඹුරු ලෙස අධ්‍යයනය කිරීමෙන් පමණක්, චීනයේ විශිෂ්ට සාම්ප්‍රදායික සංස්කෘතියේ සංවර්ධනය නිර්මාණශීලිත්වයෙන් යුතුව ඉදිරියට ගෙන යා හැකි බව ඔහු පෙන්වා දෙයි. එසේම එමගින් චීන ලක්ෂණයෙන් යුතු සමාජවාදී සංස්කෘතික සංවර්ධනය හා සමස්ත චීන ජාතිකයින්ගේ නවීන ශිෂ්ටාචාරය ගොඩනැගීම මනා ලෙස ප්‍රවර්ධනය කළ හැකි බව ද ඔහු ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම