අභ්‍යවකාශ තරණයේ ඉදිරි පියවර තබන චීනය
2023-06-02 10:36:21
Share with:

චීනය අභ්‍යාවකාශ තරණයේ විශාල ඉදිරි පියවරක් තැබීමට සූදානම් වෙමින් සිටී. වසර 2030 වන විට සඳ මතට මිනිසුන් යැවීමේ මෙම සැලසුම අභ්‍යාවකාශ තරණයේ සුවිශේෂී සංදිස්ථානයක් වනු ඇත. දිගු කලක් පුරා බටහිර මෙහෙයුම් බලයන් හී රැඳි අභ්‍යාවකාශ තරණය ආසියාව දෙසට විතැන් වීමේ සුවිශේෂී ඉසව්වක් ලෙසට තමන් මෙය දකින බව දේශපාලන උපදේශිකා ශිරාණි පෙරේරා මහත්මිය පවසයි. ගෙවුණු දශකයක කාලය පුරාවට වත්මන් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ගේ නායකත්වයෙන් චීනය බොහෝ අංශවල සුවිශේෂී ඉදිරි පියවරයන් තබා තිබේ. එම අංශ අතර චීනය ඉතා වේගයෙන් සාර්ථකත්වයන් ළඟාකර ගත් ක්ෂේත්‍රයක් ලෙසට අභ්‍යාවකාශය හදුන්වා දිය හැකිය. තමන්ගේම ගෝලීය මග පෙන්වීමේ පද්ධතියක්, අභ්‍යාවකාශ මධ්‍යස්ථානයක් වැනි ඉතා සුවිශේෂි ව්‍යාපෘති සාර්ථක කර ගැනීමට චීනය සමත්වී ඇත. සිය අභ්‍යාවකාශ සේවාවන් පොදුවේ සෙසු රටවලට භාවිත කිරීමට ද අවස්ථාවන් සලසා දෙන බවට චීනය පැවසීම පැසසිය යුතු කරුණක් බවද ශිරාණි පෙරේරා මහත්මිය කියා සිටී. එය අභ්‍යාවකාශ භාවිතයේ තුලනාත්මක බව සහතික කිරීමට ඉවහල් වනු ඇතැයි ද ඇය සඳහන් කරයි.

ගුවන් විදුලිය
20230923සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම