2048 වන විට පූර්ණ සංවර්ධිත රටක් නිර්මාණය කිරීම සිය රජයේ අරමුණ බව ජනපති පවසයි
2023-06-02 16:06:36
Share with:

ශ්‍රී ලංකාවේ ආර්ථිකය නඟා සිටුවීම සඳහා ගත වූ මාස 9ක කාලය තුළ රජය ගනු ලැබූ ප්‍රයත්නයන් හේතුවෙන්, මේ වන විට රට ආර්ථික අර්බුදයෙන් මිදී ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ(01) ජාතිය අමතා වි‍ශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

යහපත් අනාගතයක් සඳහා වන ප්‍රතිසංස්කරණ විස්තර කෙරෙන මාර්ග සිතියමක් සමගින්, ශ්‍රී ලංකාව සාමූහික වර්ධනයේ සහ සෞභාග්‍යයේ ගමනක් සඳහා සූදානම් බව ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය. ප්‍රධාන කුළුණු 4ක් ඔස්සේ රට ගොඩනගමින්, 2048 වන විට, පූර්ණ සංවර්ධිත රටක් නිර්මාණය කිරීම සිය රජයේ අරමුණ බව පැවසූ ජනාධිපතිවරයා, රටේ ආර්ථිකය නවීන ලෝකයට සහ නවීන තාක්ෂණයට ගැළපෙන පරිදි හැඩගස්වා නොගතහොත් රට පසුබෑමකට ලක් වනු ඇති බවද පැවසීය

වසර ගණනාවක් පුරා ශ්‍රී ලාංකීය ජනතාව ඉල්ලා සිටි ඉල්ලීම් 3ක් වන, දූෂණය මැඩලීම, සමාජයේ දිළිඳු සහ අසරණ කොටස් ආරක්ෂා කර ගැනීම, රජයේ ක්‍රියාමාර්ග සහ පිළිවෙත්හි විනිවිදභාවය සහතික කිරීමට රජය සක්‍රීයව කටයුතු කරන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.


ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම