ඇමරිකාවේ ණය සීමා ගැටළුව අවසන් ද?
2023-06-02 15:41:25
Share with:

පසුගිය 31වැනිදා, ඇමරිකා කොංග්‍රසයේ මහජන මන්ත්‍රී මණ්ඩලය ණය සීමා උපරිම පනත ඡන්ද ප්‍රකාශයෙන් අනුමත කළේය. ඒ අනුව, ණය සීමා උපරිම ක්‍රියාත්මක කාලය 2025 වසර ආරම්භය දක්වා දීර්ඝ කෙරිණ. එමෙන් ම, 2024 හා 2025 යන වසර දෙකේ රජයේ වියදම් සඳහා සීමා පැනවීමක් ද සිදු කර තිබේ. මෙම පනතට සෙනෙට් මණ්ඩලයේ අනුමැතිය  හිමිවී ජනාධිපතිවරයා ඊට අත්සත් තබා ඇතත් ඇමරිකාවේ ණය ගැටළුව සැබෑ ලෙස විසඳිය හැකි ද?  ‘ බැලූ බැල්මට එය විසඳා  ගැනීමක් වුවද කිසිසේත් ම පූර්ණ විසඳුමක්  නොවේ ’ යන්න ජාත්‍යන්තර මතය වී තිබේ.

වර්තමානයේ, ඇමරිකාවේ රාජ්‍ය ණය, ලොව බැඳුම්කර වෙළඳපොළේ ප්‍රමුඛතම කොටසයි. එරට එම ණය බැඳීම් බිඳ දමන්නේ නම්, එය ඇමරිකාවට පමණක් නොව  සමස්ත ලෝකයටම  ව්‍යසනයකි.

විශ්ලේෂණයන්ට අනුව, ඇමරිකාවේ ණය වටිනාකම 2025 වසර ආරම්භය වනවිට පෙර නොවූ විරූ මට්ටමකට ළඟා වනු ඇත. එම අවස්ථාවේ දී එරට ආර්ථිකයේ පද්ධතිමය ගැටළු ඇති වීමේ වැඩි  ඉඩකඩක් පවතී.

දෙවැනි ලෝක යුද්ධය අවසන් වීමෙන් පසු, මෙවර ඇමරිකා කොංග්‍රසය ණයේ උපරිමය යළි සකසා ඇත්තේ 103වන වතාවටයි. දැනට, එරට ලබා ගෙන ඇති ණය වටිනාකම ඩොලර් ට්‍රිලියන 31.46කි. පසුගිය 24වැනි දා, ශ්‍රේණිගත කිරීමේ ජාත්‍යන්තර ආයතනයක් වන Fitch Rating එරට ණය පිළිබඳ ශ්‍රේණිගත කිරීමේ ඉදිරි දැක්ම ‘ ඍණාත්මක භාවය ’ දක්වා සකස් කර ඇත.

ගතවූ මාස කිහිපයක් තුළ, දේශපාලන තත්ත්වයන් හේතුවෙන් එරට ඩිමොක්‍රටික් පක්ෂය හා රිපබ්ලිකන් පක්ෂය ණය සීමා උපරිම ගැටළුව සම්බන්ධ තම වගකීම් වලින් බැහැර වීමට උත්සාහ කර ඇත. මෙවර ණය උපරිම සීමා  ක්‍රියාත්මක කිරීම වසර 2ක කාලයකින් දීර්ඝ කිරීම, 2024 වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණ සමයද ඉක්මවා යාමක් බව වි‍ශ්ලේෂකයෝ පෙන්වා දෙති. ඒ හේතුවෙන් එම තීරණය, ලැජ්ජාව වසා ගැනීමට  ගත් පියවරක් යැයි පැවසීම වඩාත් නිවැරදිය. කෙසේ වුවද ලෝක ආර්ථිකයට එල්ල විය හැකි අනිසි බලපෑම් නොතකා එම පක්ෂ දෙක ණය සීමා උපරිමය පිළිබඳව අඛණ්ඩ ව සිය වගකීම්වලින් බැහැර වීමට උත්සාහ කරනු ඇතැයි  අනුමාන කළ හැකිය.

ගුවන් විදුලිය
20240326අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම