චීන-ශ්‍රී ලංකා 12 වන වටයේ රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාව පැවැත්වේ
2023-06-01 15:41:29
Share with:


චීන-ශ්‍රී ලංකා 12 වන වටයේ රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාව චීන උප විදේශ අමාත්‍ය Sun Weidong මහතාගේ සහ ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශයේ ලේකම් අරුණි විජයවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගිය 30 වනදා කොළඹ හිදී පැවැත්විණ.

ශ්‍රී ලංකාව සමග විවිධ මට්ටමේ හුවමාරු හා ඒ ඒ ක්ෂේත්‍රවල සහයෝගීතාවයන් ශක්තිමත් කිරීමට චීනය කැමැත්තෙන් සිටී.  කොළඹ වරාය නගරය හා හම්බන්තොට වරාය යන ප්‍රධාන විස්තීර්ණ සංවර්ධන ව්‍යාපෘතීන් ප්‍රවර්ධනය කිරීමටත්, ආයෝජන, මුල්‍ය ‍සේවා, බලශක්ති, භාණ්ඩ බෙදා හැරීම, සංචාරක යන ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව පුළුල් කිරීමටත් චීනය අපේක්ෂා කරන බවද Sun Weidong මහතා එහිදී පැවසීය.

ශ්‍රී ලංකා-චීන ප්‍රායෝගික සහයෝගීතාවයේ නවතම ප්‍රගතිය සහ එය ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජීය සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට ඉටු කළ කාර්යභාරය පිළිබඳව විජයවර්ධන මහත්මිය ප්‍රශංසාව පළ කළාය. ජාත්‍යන්තර බහුපාර්ශ්වික කටයුතුවලදී චීනයේ ප්‍රමුඛ කාර්යභාරය අගය කරමින් ශ්‍රී ලංකාව චීනය සමග එක්ව එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල උසස් ගුණාත්මකභාවයෙන් යුතුව ඉදිරියට සංවර්ධනය කරනු ඇති බවද ඇය අවධාරණය කළාය. 

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම