බටහිර ට ගැති නොවූ ස්වයං නවීකරණ මොඩලයක් තුළ ඉදිරියට යන චීනය
2023-06-01 15:13:06
Share with:

ශක්තිමත් රාජ්‍යයන් පමණක් නොව සිවිල් සමාජ ශක්තියක් සහිත පාරම්පරික පෞර්ෂත්වයට හිමිකම් කියන රටවල් පවා වර්තමාන දේශපාලන, ආර්ථික සන්දර්භය තුළ ඉතා දුර්වල ලෙස පහත බසින විට චීනයේ ආර්ථික හා දේශපාලන පියවර සලකුණු ඉතා වේගයෙන් පුළුල් වන බවක් පෙනෙන්නට තිබෙන බව  විදේශ ප්‍රතිපත්ති සහ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ශාස්ත්‍රපති උපාධිධාරිනී, නීතිඥ සුලෝ විජයසිංහ මෙනවිය පවසයි.

ඇමරිකාව, ජපානය මෙන්ම බටහිර යුරෝපයේ දියුණු කාර්මික ප්‍රජාතන්ත්‍රවාදයන් තුළ ද දක්නට ලැබෙන අවපාතයන් හමුවේ චීන විෂය පථය තීව්‍ර වන්නේ කෙසේදැයි සලකා බැලීම තත්ත්කාලීන දේශපාලන හා ආර්ථික විමර්ශනයේදී අතිශයින් වැදගත් බව සුලෝ විජයසිංහ මෙනවිය කියා සිටී.

දේශපාලන හා ආර්ථික අවධානම අඩු කිරීමට හා ඒවා කළමණාකරණයට චීනයට ඇති හැකියාව සිය රටට අනන්‍ය වූ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන රාමුව තුළ මැනවින් සාක්ෂාත් වී තිබේ. බටහිර ට ගැති නොවූ චීන නවීකරණ මොඩලයක් තුළ ජනතාව ඉලක්ක කරගත් ආර්ථික ර‍‍ටාවෙන් චීනය මේ වන විටත් ඵලදායී ප්‍රතිඵල අත්කරගෙන සිටී.

ජාත්‍යන්තර වශයෙන් පසුගිය දශකය පුරා චීනය ආසියානු කලාපය සේම, අනෙකුත් කලාප හා රටවල් කෙරෙහි ඇති කර ගෙන තිබෙන සම්බන්ධතාවයන් ගෝලීය සංවර්ධන මුලපිරුම සඳහා චීනය විසින් යෝජනා කර ඇති ක්‍රියාවලිය ඉදිරියට ගෙන යන්නට මනා පිටුබලයක් වී තිබේ. චීන ජනාධිපතිවරයාගේ නවීකරණ ප්‍රතිපත්තීන් සහ දේශපාලන, ආර්ථික සැලසුම් ඕනෑම රටකට මනා ආදර්ශයක් බව ද විදේශ ප්‍රතිපත්ති සහ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ශාස්ත්‍රපති උපාධිධාරිනී, නීතිඥ සුලෝ විජයසිංහ මෙනවිය සඳහන් කළාය.

ගුවන් විදුලිය
20240422සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම