ඇමරිකා කොංග්‍රසයේ මහජන මන්ත්‍රී මණ්ඩලය ණය සීමා කිරීමේ පනතට ඡන්දය ප්‍රකාශ කරයි
2023-06-01 10:13:47
Share with:

ඇමරිකා කොංග්‍රසයේ මහජන මන්ත්‍රී මණ්ඩලය ඊයේ (31) ණය සීමා කිරීමේ පනතට ඡන්දය ප්‍රකාශ කළේය. මෙම පනත් කෙටුම්පත ජනාධිපති Joe Biden මහතා සහ ඇමරිකානු කොංග්‍රස් මණ්ඩල කථානායක Kevin McCarthy මහතා ‍ගේ සම මැදිහත්වීමෙන් සැකසුණ අතර,එය ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 31.4 ක ණය සීමාව ඉහළ නැංවීම සහ ෆෙඩරල් වියදම් කපා හැරීම අරමුණු කරයි. මහජන මන්ත්‍රී මණ්ඩලයේ රීති කමිටුව විසින් 30 වැනිදා රාත්‍රියේ එය පූර්ණ සභා විවාදයට ගැනීම  අනුමත කරන ලදි.

මහජන මන්ත්‍රී මණ්ඩලය සම්මත කිරීමෙන් පසු පනත් කෙටුම්පත ඡන්ද විමසීමක් සඳහා සෙනෙට් මන්ත්‍රි මණ්ඩලයට යොමු කෙරෙන අතර එය ජුනි 5 වැනිදාට පෙර අවසන් කිරීමට අපේක්ෂා කෙරේ. මීට පෙර, ඇමරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව පවසා තිබුණේ කොංග්‍රසය අදාළ ක්‍රියාමාර්ග නොගන් නම්, ඇමරිකාව ණය ගෙවීම් පැහැර හරින්නෙකු බවට පත්වන බවයි.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම