චීන-ඇමරිකා සබඳතාවල වටිනාකම අවබෝධ කර ගත් ඇමරිකානු ව්‍යවසායකයින්
2023-06-01 11:29:42
Share with:

               

                 ඇමරිකාවේ Tesla සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී Elon Musk මහතා යළි චීනයට පැමිණ සිටී. චීන විදේශ අමාත්‍ය Qin Gang මහතා හමු වූ අවස්ථාවේදී ඔහු පැවසුවේ ඇමරිකාව හා චීනය එකිනෙකගෙන් වෙන් කළ නොහැකි බද්ධ වූ නිවුන් දරුවන් මෙන් බවයි. දෙරටේ බොහෝ යහපත එකට බැඳී තිබීම ඊට හේතුව බවත් ඔහු එහිදී සඳහන් කළේ ය. චීන-ඇමරිකානු සම්බන්ධතා දුෂ්කර තත්ත්වයකට මුහුණ දී සිටින වත්මන් කාලයේ Elon Musk මහතාගේ මෙම උපමාව ඔහු වැනි බොහෝ ඇමරිකානු ව්‍යවසායකයන් චීන-ඇමරිකානු සම්බන්ධතා පිළිබඳ දරන අදහස්වල සැබෑ පිළිබිඹුවක් යැයි කිව හැකිය.

                  Tesla සමාගම චීන වෙළඳපොලට පිවිස වසර 3ක් ගත වී තිබේ. එම කාලයේ Tesla සමාගම චීන වෙළඳපොලෙන් විශාල ලාභයක් අත්කර ඇත. Elon Musk මහතා පමණක් නොව මේ වසරේ Apple, JP Morgan Chase සහ General Motors වැනි ඇමරිකාවේ ප්‍රධාන සමාගම්වල විධායකයන් චීනයේ සංචාරය කර තිබේ. චීනය සමග පවතින ආර්ථික හා වෙළඳ සම්බන්ධතා ඉතා වැදගත් බව ඔවුන්ගේ මෙම ක්‍රියාව මගින් සනාථ වී තිබේ.ආර්ථික හා වාණිජමය වාසි වැඩි  ස්ථානයේ ප්‍රාග්ධනය ගැවසීම සාමාන්‍ය ආර්ථික රීතියකි. ඇමරිකානු රජය චීනය කෙතරම් මර්දනය කළද එරට ව්‍යවසායන් චීන වෙළඳපොලට දක්වන උනන්දුව හීන වී නොමැත. එම දේශපාලන මර්දනයෙන් අවසාන වශයෙන් හානි සිදු වන්නේ තම ව්‍යවසායන්ට බව ඇමරිකානු ව්‍යවසායකයන් මැනවින් අවබෝධ කර ගෙන තිබේ.

                 2022 වසරේ චීනයේ ක්‍රියාත්මක ඇමරිකානු සමාගම්වලින් 90%ක් ලාභ උපයාගෙන ඇතැයි දකුණු චීනයේ ඇමරිකානු වාණිජ මණ්ඩලය නිකුත් කළ වාර්තාවකින් හෙළි වේ.චීන ඇමරිකානු වාණිජ මණ්ඩලය සිදු කළ සමීක්ෂණයකින් වාර්තා වන්නේ චීනයේ ඇමරිකානු සමාගම්වලින් 66%ක් ඉදිරි වසර දෙකේ චීනයේ අඛණ්ඩව ආයෝජනය කිරීමට කැමැත්තෙන් සිටින බවයි.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම