චීන වාණිජ ඇමති Wang Wentao මහතා ඊයේ(31) Tesla සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී Elon Musk මහතා හමු විය. චීන-ඇමරිකා ආර්ථික සහ වෙළඳ සහයෝගීතාව, Tesla සමාගමේ චීනයේ ව්‍යාපාර යන තේමා පිළිබඳව, දෙපාර්ශ්වය එහිදී පුළුල් හා ගැඹුරු ලෙස අදහස් හුවමාරු කර ගත්හ.
Wang Wentao මහතා එහදී සඳහන් කළේ, චීනය සහ ඇමරිකානව අතර ගැඹුරු ආර්ථික ඒකාබද්ධතාවයක් ඇති බවයි. අන්‍යෝන්‍ය ගෞරවය, සාමකාමී සහජීවනය, අන්‍යෝන්‍ය යහපත් සහයෝගීතාව යන මූලධර්මවල මගපෙන්වීම යටතේ, දෙපාර්ශ්වය ආර්ථික හා වෙළඳ සංවාදය සහ සහයෝගීතාව ශක්තිමත් කළ යුතුය. ලෝක ආර්ථික සංවර්ධනයට සහ මානව ප්‍රගතියට විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ විවෘත සහයෝගීතාව පැවතිය යුතු බව, Wang Wentao මහතා එහිදී පැවසීය.
චීන සංවර්ධනයේ ජීව ශක්තිය සහ විභවය පිළිබඳව Elon Musk මහතා එහිදී අගය කළේ ය. ඔහුට චීන වෙළෙඳපොළ කෙරෙහි පූර්ණ විශ්වාසයක් ඇති අතර, අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහයෝගීතාව ගැඹුරු කිරීමට තමා කැමැත්තෙන් සිටින බව ඔහු සඳහන් කළේ ය.