ශ්‍රී ලංකා ජනපති හා චීන උප විදේශ ඇමති අතර හමුවක්
2023-06-01 16:10:47
Share with:

ශ්‍රී ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා චීන උප විදේශ අමාත්‍ය සුන් වෙයිදොං මහතා හමුවෙයි. එම හමුව පසුගිය 30 වනදා කොළඹදී සිදුවිය.

ශ්‍රී ලංකාවේ වත්මන් අසීරුතාවයන් හමුවේ ද දිගුකාලීන සංවර්ධනයේදී ද චීනය ලබා දුන් සහයෝගයට ස්තූතිවන්ත වන බව එහිදී ජනාධිපතිවරයා පවසා ඇත. චීනය සමග ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළ පිළිබඳ සහයෝගිතාව තවදුරටත් පුළුල් කිරීමට අපේක්ෂා කරන බව ද හෙතෙම පැවසීය. පොදු සංවර්ධනය සාක්ෂාත් කර ගැනීම සඳහා, මුල්‍ය සේවා මධ්‍යස්ථාන, භාණ්ඩ බෙදා හැරීමේ මධ්‍යස්ථාන සහ කාර්මික කලාපයන් ඉදි කිරීමට ආයෝජනය කරමින්, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික කටයුතු ආරම්භ කිරීමට චීන ව්‍යාපාරිකයින්ට ආරාධනා කරන බව ද හෙතෙම ප්‍රකාශ කළේය. 

එහිදී සුන් වෙයිදොං මහතා විසින් චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ සුබ පැතුම් ජනාධිපතිවරයා වෙත පිරිනමන ලදි. ඉන්දියන් සාගරයේදී අනතුරට ලක්වූ චීන ධීවර නෞකාවේ සහන කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ යුධ නෞකා හා සහන සේවකයින් කඩිනමින් යැවීම පිළිබඳව කෘතඥතාවය පළ කරන බවත්, එය චීනය හා ශ්‍රී ලංකාව අතර අවංක අන්‍යෝන්‍ය සහයෝගිතාවයට තවත් සාක්ෂියක් වන බවත් ඔහු කියාසිටියේය. ශ්‍රී ලංකාවේ ස්වාධිපත්‍යය හා භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කර ගැනීම සඳහා ස්ථිරව සහය දක්වන චීනය, ශ්‍රී ලංකා රජය හා විවිධ අංශ සමග එක්ව වත්මන් අසීරුතාවයන් මඟහරවා ගැනීමටත්, රටේ අනන්‍යතාවයට උචිත සංවර්ධන මාර්ගයක් වෙත ප්‍රවේශ වීමටත් සහය ලබා දෙන බව ද ඔහු ප්‍රකාශ කළේය. 

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම