නව යුගයේ පොදු ඉරණමක් සහිත චීන-අප්‍රිකානු ‍ප්‍රජාවක් ගොඩනැගීමට නව දායකත්වයන් ලබා දීමට අපේක්ෂා කරන බව චීනය පවසයි
2023-06-01 17:15:24
Share with:

අප්‍රිකානු රටවල චීන තානාපති කාර්යාල අප්‍රිකානු අනාථ දරුවන්ගේ සෞඛ්‍යය සුරක්ෂිත කිරීමේ ක්‍රියාකාරකම් මේ වන විට සංවිධානය කරමින් සිටී. ඒ පිළිබඳ ‍තොරතුරු චීන විදේශ අමාත්‍යංශය අද (1) නිත්‍ය මාධ්‍ය හමුවේදී පැහැදිලි කළේය.

ජාත්‍යන්තර ළමා දිනය නිමිත්තෙන්, අප්‍රිකානු රටවල අනාථ දරුවන්ගේ සෞඛ්‍යය සුරක්ෂිත කිරීමේ ක්‍රියාකාරකම් ආරම්භ කිරීම‍ට චීන ජනාධිපති ආර්යාව වන පෙන් ලීයුවාන් මහත්මිය සහ අප්‍රිකානු රටවල ජනාධිපති ආර්යාවන්ගේ සංවර්ධන සංගමය ඒකාබද්ධ යෝජනාවක් ඉදිරිපත් කළ බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය සඳහන් කළාය‍.

අප්‍රිකාවේ බොහෝ ජනාධිපතිවරු, ඔවුන්ගේ ආර්යාවෝ සහ උසස් නිලධාරීහු එම ක්‍රියාකාරකම්වලට එක් වෙමින් චීනයේ කැපවීම කෙරෙහි ප්‍රශංසාව පළ කර ඇත. චීන-අප්‍රිකානු මිත්‍රශීලී සහයෝගිතාවය අඛණ්ඩව අනුගමනය කරමින්, නව යුගයේ පොදු ඉරණමක් සහිත චීන-අප්‍රිකානු ‍ප්‍රජාවක් ගොඩනැගීමට නව දායකත්වයන් ලබා දීමට චීනය කැමැත්තෙන් පසු වන බව ද Mao Ning මහත්මිය එහිදී අවධාරණය කළාය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම