චීනයේ සීඝ්‍රගාමී බෙදාහැරීමේ ව්‍යාපාර පරිමාවේ විශාල වර්ධනයක්
2023-06-01 11:28:38
Share with:

චීනයේ සීඝ්‍රගාමී බෙදාහැරීමේ ව්‍යාපාර පරිමාව ඛාණ්ඩ බිලියන 50 ඉක්මවා යයි.

ඊයේ(31) වන විට මෙම වසරේ චීනයේ සීඝ්‍රගාමී බෙදාහැරීමේ ව්‍යාපාර පරිමාව කොටස් බිලියන 50 ඉක්මවා තිබෙන බව චීන ජාතික තැපැල් කාර්යාංශයේ අධීක්ෂණ දත්තවලින් පෙන්වා දී තිබේ.

මේ වසරේ කොටස් බිලියන 50ට ළඟා වීම, 2019ට වඩා දින 155 ක් ඉදිරියෙන් සහ 2022 ට දින 27 ක් ඉදිරියෙන් බව එහි සඳහන් වේ.

වේගයෙන් වර්ධනය වන තැපැල් සීඝ්‍රගාමී කර්මාන්තය පාරිභෝගික වෙළඳපොලේ සමෘද්ධිය හා ජීව ශක්තිය සහ කාර්මික ඒකාබද්ධතාවය සඳහා නව චාලක ශක්තිය උත්තේජනය කර ඇති අතර, අනෙකුත් කර්මාන්තවල දියුණුවටත් සැපයුමේ හා ඉල්ලුමේ ගුණවත් චක්‍රයටත් ප්‍රතිලාභ ගෙන දී තිබෙන බව චීන ජාතික තැපැල් කාර්යාංශය පවසයි.

ගුවන් විදුලිය
20240326අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම