අප්‍රිකාවේ අනාථ දරුවන්ගේ සෞඛ්‍යය සුරක්ෂිත කිරීමට චීන ජනාධිපති ආර්යාව හා අප්‍රිකානු රටවල ජනාධිපති ආර්යාවන්ගේ සංවර්ධන සංගමයෙන් ඒකාබද්ධ යෝජනාවක්
2023-06-01 16:30:26
Share with:

අප්‍රිකානු රටවල අනාථ දරුවන්ගේ සෞඛ්‍යය සුරක්ෂිත කිරීමේ ක්‍රියාකාරකම් ආරම්භ කිරීම‍ට චීන ජනාධිපති ආර්යාව වන පෙන් ලීයුවාන් මහත්මිය සහ අප්‍රිකානු රටවල ජනාධිපති ආර්යාවන්ගේ සංවර්ධන සංගමය ඊයේ (31) ඒකාබද්ධ යෝජනාවක් ඉදිරිපත් කළහ.

එම යෝජනාව යටතේ, අප්‍රිකානු රටවල චීන තානාපති කාර්යාල සහ අප්‍රිකාවේ සිටින චීන වෛද්‍ය කණ්ඩායම් ළමා නිවාස ඇතුළු සුරුකුම් ආයතනවල සිටින දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්‍ෂා කිරීම සහ අත්‍යවශ්‍ය උපකරණ පරිත්‍යාග කිරීම සිදු කළහ.

චීන රජය අප්‍රිකාවට වෛද්‍ය කණ්ඩායම් යැවීමේ 60 වැනි සංවත්සරය මේ වසරේ සනිටුහන් කරන බව ද පෙන් ලීයුවාන් මහත්මිය පැවසුවාය. මෙම ක්‍රියාකාරකම් අප්‍රිකානු දරුවන්ට රැකවරණය මෙන්ම සෞඛ්‍යය යහපැවැත්ම ලබා දෙනු ඇති බවත්, නව යුගයේ පොදු ඉරණමක් සහිත චීන-අප්‍රිකානු ‍ප්‍රජාවක් ගොඩනැගීම ප්‍රවර්ධනය කරනු ඇති බවත් ඇය ප්‍රකාශ කළාය.

අප්‍රිකානු රටවල ජනාධිපති ආර්යාවන්ගේ සංවර්ධන සංගමයේ වත්මන් සභාපතිනි, නැම්බියාවේ ජනාධිපති ආර්යාව සහ එහි සාමාජිකයෝ එම යෝජනාවට යහපත් ප්‍රතිචාර දක්වා ඇත. අප්‍රිකාවේ කාන්තාවන් හා දරුවන් කෙරෙහි පෙන් ලීයුවාන් මහත්මියගේ කැප වීම ද ඔවුහු අගය කළහ.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම