ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා චීන උප විදේශ අමාත්‍යවරයා හමුවෙයි
2023-06-01 16:39:16
Share with:

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා චීන-ශ්‍රී ලංකා 12 වන වටයේ රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාවට එක්වූ චීන උප විදේශ අමාත්‍ය Sun Weidong මහතා පසුගිය 30 වනදා කොළඹහිදී හමුවිය.

චීනයේ සංවර්ධන ජයග්‍රහණ මෙන්ම, විශේෂයෙන්ම දරිද්‍රතාවය පිටුදැකීමේ ජයග්‍රහණ පිළිබඳව දිනේෂ් ගුණවර්ධන මහතා සිය ප්‍රශංසාව පළ කළේය. චීනයේ මෙම සාර්ථක අත්දැකීම් අධ්‍යයනය කිරීමට ශ්‍රී ලංකාව කැමැත්තෙන් සිටී. ශ්‍රී ලංකාව සෑම විටම එකම චීනය පිළිබඳ මූලධර්මයට ස්ථීර ලෙස අනුගත වන බවත්, තවදුරටත් චීනය සමඟ ආර්ථික හා වෙළෙඳ සහයෝගීතා මට්ටම ඉහළ නැංවීමට අපේක්ෂා කරන බවත් හෙතෙම එහිදී පැවසීය.

චීනය සහ ශ්‍රී ලංකාව ඉතා හොඳ අසල්වැසියන්, හොඳ හවුල්කරුවන් සහ හොඳ මිතුරන් බව Sun Weidong මහතා එහිදී ප්‍රකාශ කළේය. දෙරට සෑම විටම එකිනෙකාට සහය වෙමින්, දුෂ්කරතාවයන්ට ද එක්ව මුහුණ දුන්හ. චීනයට, ශ්‍රී ලංකාවේ වර්තමාන තාවකාලික අසීරුතාවයන් පිළිබඳව පූර්ණ අවබෝධයක් ඇති අතර, චීනය අඛණ්ඩව හැකි සෑමවිටම සිය සහය ලබා දෙනු ඇති බවද හෙතෙම සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම