චීනය අවදානමක් නොව ලෝකයට වඩා හොඳ අවස්ථාවක් බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
2023-06-01 17:12:10
Share with:


මාධ්‍ය වාර්තාවලට අනුව, ඇමරිකානු රාජ්‍ය ලේකම් Antony Blinken ඊයේ (31) ප්‍රකාශ කළේ ඇමරිකාව හා යුරෝපය චීනය සමග යම් ගැටුමක්, සීතල යුද්ධයක් හෝ බෙදීමක් ඇති කර ගැනීමට අපේක්ෂා නොකරන බවත්, "අවදානම අවම කිරීමට" පියවර ගන්නා බවත්ය. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ “අවදානම අවම කිරීම” පිළිබඳව සාකච්ඡා කිරීමට පෙර “අවදානම” යන්න පළමුව අර්ථකථනය කර ගත යුතු බවයි.

චීනය බාහිර ලෝකයට ස්ථීර ලෙස ඉහළ මට්ටමේ විවෘතභාවයන් ක්‍රියාත්මක කිරීමෙන්, ඒ ඒ රටවල ව්‍යවසායන්ට වෙළඳපල නැඹුරු, නීත්‍යානුකූල සහ ජාත්‍යන්තරකරණය සහිත ව්‍යාපාරික පරිසරයක් නිර්මාණය කර තිබේ. ජාත්‍යන්තර යුක්තිය හා සාධාරණත්වය සහතික කරන චීනය සෑමවිටම සංවාද මගින් මතභේදයන් විසඳා ගැනීම ප්‍රවර්ධනය කරයි. එලෙස කටයුතු කරන  චීනය අවදානමක් නොව ලෝකයට වඩා හොඳ අවස්ථාවකි. ලෝකය මුහුණ දෙන සැබෑ අවදානම නම්, කණ්ඩායම් අතර ප්‍රතිවිරෝධයන් නිර්මාණය  කිරීම හරහා ඇති කරන නව සීතල යුද්ධයයි. අයුතු ලෙස වෙනත් රටවල අභ්‍යාන්තර කටයුතුවලට මැදිහත්වීම,  ආර්ථීක-වෙළඳ-තාක්ෂණික ගැටළු දේශපාලනීකරණය කිරීම, වෙනත් රටවලට සිය මුල්‍ය අවදානම් මාරු කිරීම යනාදී ක්‍රියාවන් සැබෑ අවදානම් බව පැහැදිලි කළ යුතු බවද Mao Ning මහත්මිය මෙහිදී අවධාරණය කර ඇත. 

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම