නව සංවර්ධන අවස්ථාවන් ලෝකයට තිළිණ කරන එක් තීරයක් එක් මාවතක්
2023-06-01 08:29:57
Share with:

ශ්‍රී ලංකාව සහ චීනය අතර සබැඳියාව දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන කරුණ අමතක කළ ‍නොහැකි බව සීලරත්න සෙනරත් මහතා සඳහන් කරයි. වර්තමානයේදී නව මාවතකට චීනය ගෙනයාමේ කාර්යයේ දී චීන ජනාධිපති, ෂී ජින් පිං මහතා එක් තීරයක් එක් මාවතක් සංකල්පය තුළින් නව සංවර්ධන අවස්ථාවන් ලෝකයට ගෙනවිත් තිබේ.

ශ්‍රී ලංකාවට මෙම සංකල්පය ඔස්සේ ලැබෙන පිටුවහල අමතක කළ නොහැකිය. එහිදී ශ්‍රී ලංකාවේ ද සංවර්ධන කටයුතු මේ වන විට අරඹා තිබේ. කොළඹ වරාය නගරය, හම්බන්තොට වරාය එහි ප්‍රධාන ව්‍යාපෘතීන්ය.

මත්තල ගුවන්තොටුපල, උපරිමාධිකරණ සංකීර්ණය, නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරය චීන ආධාර මත ක්‍රියාත්මක කෙරුණු සෙසු ව්‍යාපෘති කිහිපයකි.

යුද්ධයෙන් පසු කාලයේදී ඒ 9 මාර්ගය සහ දුම්රිය මාර්ග සංවර්ධනය සඳහාද චීනයේ සහයෝගය ලැබිණ. මේ වන විට අධ්‍යාපනය සඳහා චීනය විශාල පරිත්‍යාගයන් සිදු කරනු ලබන අතර, දිලිදු ජනතාව සඳහා සහන සැපයීමද සිදුකරනු ලබයි. මෙවැනි සංවර්ධන කටයුතු සඳහා සහයෝගය චීන රජයෙන් ලැබුණද ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු සඳහා කිසිදු මැදිහත්වීමක් සිදු නොකිරීම විශේෂයෙන් සඳහන් කළ යුතු බව සීලරත්න සෙනරත් මහතා කියා සිටී.

මින් අධිරාජ්‍ය කාලයෙන් පසු වර්තමාන ජනාධිපතිවරයාගේ සැලසුම් චීන ජනතාවගේ මෙන්ම ලෝක ප්‍රජාවගේ පැසසුමට ලක්ව තිබේ. චීනය අනාගතය වෙනුවෙන් සැලසුම් සකස්කොට තිබෙන අතර, සේදමාවත ඔස්සේ ලොව ‍රටවල් රාශියක් සමග චීනය සමීපව කටයුතු කරමින් සිටී. විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවලට සේද මාවත හරහා ප්‍රතිලාභ රැසක් හිමිවනු ඇතැයි ද හෙතෙම සඳහන් කරයි.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම