ජනපති සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ අතර හමුවක්
2023-06-01 15:32:16
Share with:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා මහතා අතර හමුවක් ඊයේ (31) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණ.

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා විය. එමෙන්ම දැනට පවතින ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා පිළිබඳව ද අවධානය යොමු කෙරිණ.

මේ අතර, ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම වෙනුවෙන් පසුගිය මාස 09ක කාලය තුළ රජය ගෙන ඇති පියවර සහ ශ්‍රී ලංකාවේ සමාජ, ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළෙහි ඉදිරි පියවරයන් සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද(01) විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතය.

එහිදී ශ්‍රී ලංකාවේ ජාතික පරිවර්තන මාර්ග සිතියම පිළිබඳ පැහැදිලි අවබෝධයක් මහජනතාවට ලබාගත හැකි අතර, එහිදී අපේක්ෂිත ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා වන මෙහෙයුම් යෝජනාවලිය ද ඉදිරිපත් කිරීමට නියමිතය.


ගුවන් විදුලිය
20240326අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම