ඇමරිකාව, ආර්ථිකයේ සහ වෙළඳාමේ නාමයෙන් තායිවාන බෙදුම්වාදීන්ට වැරදි සංඥා නිකුත් නොකළ යුතු බවට චීනයෙන් ප්‍රකාශයක්
2023-06-01 19:06:31
Share with:

ඇමරිකාව, ආර්ථිකයේ සහ වෙළඳාමේ නාමයෙන් තායිවාන බෙදුම්වාදීන්ට වැරදි සංඥා නිකුත් නොකළ යුතු බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා මාඕ නිං මහත්මිය පවසයි.

චීන තායිවාන ප්‍රදේශය හා ඇමරිකාව වෙළඳ ගිවිසුමකට අත්සන් කිරීමට සූදානම් වන බවත්, අනාගතයේදී සම්පූර්ණ නිදහස් වෙළඳ ගිවිසුමකට එළඹීමට බලාපොරොත්තු වන බවත්, තායිවාන ප්‍රදේශයේ අදාළ අංශ පසුගියදා ප්‍රකාශ කර ඇත.

මේ පිළිබඳව මාඕ නිං මහත්මිය අද(1) බෙයිජිංහි පැවති මාධ්‍ය හමුවකදී චීන පාර්ශ්වයේ ස්ථාවරය පැහැදිලි කළාය.

ඇමරිකාවේ ක්‍රියාවන්, එකම චීන මූලධර්මය හා චීන ඇමරිකා ඒකාබද්ධ නිවේදන තුන දැඩි ලෙස උල්ලංඝනය කර ඇත. එය තායිවාන ප්‍රදේශය සමග නිල නොවන සම්බන්ධතාවයන් පමණක් පවත්වා ගෙන යාම පිළිබඳ එරට ලබා දුන් පොරොන්දුවට ද පටහැනි වන්නකි. ඇමරිකාව තායිවාන ප්‍රදේශය සමග පවත්වන සියලු ආකාරයේ නිල හුවමාරු නතර කළ යුතු අතර, එම ප්‍රදේශය සමග ස්වාධිපත්‍ය පිළිඹිබු වන කිසිදු ගිවිසුමකට අත්සන් නොකළ යුතු බව ද ඇය අවධාරණය කළාය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම