බදු ලිපි ගොනු පිළිබඳ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
2023-06-01 15:35:10
Share with:

අති විශේෂ නව ගැසට් පත්‍රයට අනුව වෛද්‍ය, ඉංජිනේරු, නීතිඥ, ගණකාධිකාරී, බැංකු, වාස්තු විද්‍යාඥ ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක නියැළී සිටින වෘත්තිකයින් අද (01) සිට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීම අනිවාර්ය කෙරේ.

මුදල්, ආර්ථික ස්ථායිකරණ අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත. මෙලෙස ‌දේශීය ආදායම් කොමසාරිස්වරයා වෙත ලියාපදිංචි වීම අනිවාර්ය වන පිරිස අදාළ ගැසට් නිවේදනයේ නම් කර ඇත.

මීට අමතරව 2023 දෙසැම්බර් 31 දිනට වයස අවුරුදු 18 සම්පූර්ණ වී ඇති, හෝ 2024 ජනවාරි 01 දින හෝ ඊට පසු වයස අවුරුදු 18 ට එළඹෙන සියලු තැනැත්තන්ද මෙම නව විධිවිධානයට යටත් වනු ඇත.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම