චීනය ලෝක අධ්‍යාපන මධ්‍යස්ථානයක් බවට පත් කිරීම ෂී ජින්පිං ජනාධිපතිවරයාගේ අපේක්ෂාවයි
2023-05-31 10:58:47
Share with:

       

         පසුගිය දා චීන පාලක කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශය අධ්‍යාපන කටයුතු පිළිබඳව සාකච්ඡා පැවැත්වීය. එහිදී චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහා ලේකම්, චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අධ්‍යාපනයෙන් රට සවිමත් කිරීම පිළිබඳව උපදෙස් ලබා දී තිබේ.

         වසර 5000කට වැඩි ඉතිහාසයකට හිමිකම් කියන චීන ශිෂ්ටාචාරය තුළ අධ්‍යාපනයට හිමි වන්නේ සුවිශේෂීය ස්ථානයකි. වත්මන් කාලයේ චීන ලක්ෂණවලින් යුත් නවීකරණ රටක් ගොඩ නැගීමේදී අධ්‍යාපනයේ වැදගත්කම වඩාත් ඉස්මතු වී ඇත. ෂී ජින් පිං ජනාධිපතිවරයාගේ රාජ්‍ය පරිපාලන පිළිවෙත් අනුව අධ්‍යාපනයෙන් රට සවිමත් කිරීම ප්‍රබල නවීකරණ රටක් ගොඩ නැගීමට අත්‍යවශ්‍ය අඩිතාලමකි. ඒ සඳහා අනුගමනය කළ යුතු ආකාරය පිළිබඳවත් හෙතෙම අදහස් දක්වා ඇත. ජනතාව කේන්ද්‍රගත රාජ්‍ය පරිපාලන පිළිවෙත් තුළින් ෂී ජින් පිං ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ මහ ජනතාව සෑහීමට පත් වන අධ්‍යාපන ක්‍රමයක් සකස් කළ යුතු බවයි. එම අධ්‍යාපන ක්‍රමය මගින් රටේ සෑම දරුවෙකුටම සාධාරණ හා ඉහළ ගුණාත්මකභාවයෙන් යුත් අධ්‍යාපනයක් ලබා දිය යුතු බව හෙතෙම අවධාරණය කරයි.

        චීන ලක්ෂණවලින් යුත් නවීකරණ ක්‍රියාදාමයේ ඉහළ මට්ටමේ විද්‍යා තාක්ෂණික නවෝත්පාදනය හා ඉහළ ගුණයෙන් යුත් සංවර්ධනය ඉතා වැදගත් ය. ඒ සඳහා විද්‍යාව හා ඉංජිනේරු පිළිබඳ අධ්‍යාපනය වඩාත් ශක්තිමත් කරමින් තීරණාත්මක විද්‍යා තාක්ෂණවලට ගැලපෙන ප්‍රවීණයන් බිහි කිරී‍මේ අවශ්‍යතාව ද චීන ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

       චීනය අඛණ්ඩව විවෘතභාවය ක්‍රියාත්මක කරන්නේ ආර්ථික හා වෙළඳ වැනි ක්ෂේත්‍රවල පමණක් නොවේ. අධ්‍යාපන ක්ෂේත්‍රයේ ද විවෘතභාවය පවත්වාගෙන යා යුතු බව චීන ජනාධිපතිවරයා අවධාරණය කරයි. ලොව දියුණුම අධ්‍යාපන සම්පත් ප්‍රයෝජනයට ගනිමින් ගෝලීය අධ්‍යාපන කළමනාකරණයට එක් වෙමින් විශාල බලපෑමක් සහිත ලෝක අධ්‍යාපන මධ්‍යස්ථානයක් බවට චීනය පත් කිරීමට අපේක්ෂා කෙරේ.       

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම