උතුරු කොරියාව විසින් හමුදා අධීක්ෂණ චන්ද්‍රිකාවක් නිකුත් කිරීම පිළිබඳ චීනයේ ස්ථාවරය
2023-05-31 19:50:38
Share with:

කොරියානු අර්ධද්වීපයේ වත්මන් තත්ත්වය, චීනය දැකීමට අකමැති බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා මාඕ නිං මහත්මිය පවසයි.

උතුරු කොරියාව අද(31) හමුදා අධීක්ෂණ චන්ද්‍රිකාවක් නිකුත් කිරීමෙන් අනතුරුව එහි එන්ජිමේ දෝෂයක් හේතුවෙන් මුහුදට වැටී ඇත. උතුරු කොරියාවේ මෙම ක්‍රියා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ තීරණවලට පටහැනි බව දකුණු කොරියාව හා ඇමරිකාව චෝදනා කර ඇති බව ද වාර්තා වේ.

වත්මන් තත්ත්වය තවදුරටත් උග්‍රවීම වැලැක්වීමට එකම මාර්ගය, විවිධ පාර්ශ්ව කොරියානු අර්ධද්වීපයේ සාම ක්‍රියාවලියෙන් බැහැර වීම පිළිබඳ නිසි අවධානය යොමු කර අර්ථවත් සංවාද යළි ආරම්භ කිරීමයි. සියලු පාර්ශ්වයන්ගේ හේතු සහගත වාසීන්ට සමබර ලෙස සැලකිය යුතු බවද මාඕ නිං මහත්මිය පෙන්වා දුන්නාය.

ගුවන් විදුලිය
20240422සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම