ඇමරිකාවේ ගුවන් යානා ඔත්තු බැලීම් පිළිබඳ චීනයේ දැඩි විරෝධය
2023-05-31 19:01:44
Share with:

ගුවන් යානා යොදා ගෙන චීනය පිළිබඳ ඔත්තු බැලීම් ඇමරිකාව වහාම නතර කළ යුතු බව චීනය පවසයි.

ඇමරිකාව දීර්ඝ කාලයක් තිස්සේ ගුවන් යානා මගින් චීනයට ළඟා වී ඔත්තු බැලීම් සිදු කරන බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද (31) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පැවසුවාය. එය චීනයේ ජාතික ස්වෛරීභාවයට සහ ආරක්ෂාවට බරපතල තර්ජනයක් බවත්, එමෙන්ම එය සමුද්‍රීය ආරක්ෂක ගැටළුවලට ද මූලික හේතුවක් වන බවත් ඇය පෙන්වා දුන්නාය. ඇමරිකාව මෙවැනි ක්‍රියා වහාම නැවැත්විය යුතු බවත්, චීනය අඛණ්ඩව අවශ්‍ය පියවර ක්‍රියාත්මක කරමින්,  රටේ ආරක්ෂාව සහතික කරන බවත් Mao Ning මහත්මිය අවධාරණය කළාය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම