චීන සංවර්ධන ක්‍රියාවලිය තුළ ශ්‍රී ලංකාවට වැඩි සංවර්ධන අවස්ථාවන්
2023-05-31 09:58:42
Share with:

චීන සංවර්ධන ක්‍රියාවලිය තුළ ශ්‍රී ලංකාවට වැඩි සංවර්ධන අවස්ථාවන් සොයාගත හැකි බව මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා මහතා පවසයි. 2013 වසරේ සිට චීනය ක්‍රියාත්මක කරන එක් තීරයක් එක් මාවතක් වැඩසටහන මගින් විශාල සංවර්ධන අවකාශයන් මතු වෙමින් තිබේ. හම්බන්තොට සංවර්ධන ක්‍රියාවලිය යළි ක්‍රියාත්මක කිරීමට කටයුතු කර තිබීම එහි ධනාත්මක සලකුණක් යැයි ද හෙතෙම කියා සිටී.

චීනයට ලෝකයේ දෙවන ආර්ථික බලවතා වශයෙන් එක් තීරයක් එක් මාවතක් වැඩස‍ටහන හරහා වැඩි ආර්ථික අවස්ථාවන් ලෝකයට ලබා දිය හැකිය. ලෝකයේ වරායන් රැසක ආයෝජනය වෙළද ජාලය ශක්තිමත් ලෙස ගොඩනගාගෙන තිබේ. ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරාය ද ඉන් එක් වරායකි. චීනය දීර්ඝකාලීන අනාගත සැලසුම් සහිතව කටයුතු කරන රටකි. එබැවින් චීනය සමග සමගාමීව කටයුතු කරන්නේ නම් සෑම රටකටම උසස් ප්‍රතිඵල ඉදිරියේදී අත්පත් කර ගැනීමට හැකිවනු ඇතැයි මහාචාර්ය අමින්ද මෙත්සිල මහතා සඳහන් කරයි. එක් තීරයක් එක් මාවතක් වැඩසටහන එක් එක් රටකට හුදෙකලා වශයෙන් ගෙන එන ජයග්‍රහණයක් නොවන අතර එහි අවසන් ප්‍රථිඵලය සමස්ත ලෝකයටම ජය ගෙන දෙන්නක් බවද හෙතෙම සඳහන් කරයි. පශ්චාත් කොරොනා සමයේ වේගවත් චීන ආර්ථික ප්‍රකෘතිය තුළින් එම ජවය තවත් තහවුරු වනු ඇති අතර ඉන් දුර්වල ගෝලීය ආර්ථිකයට නව ජීවයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කළ හැකි බවද මහාචාර්ය අමින්ද මෙත්සිල මහතා පෙන්වා දෙයි.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම