යුක්‍රේන න්‍යෂ්ටික පහසුකම්වල ආරක්ෂණ ප්‍රශ්නය විසඳීමට හිතකර කොන්දේසි නිර්මාණය කරන ලෙස චීනයෙන් ඉල්ලීමක්
2023-05-31 17:09:32
Share with:

යුක්‍රේන න්‍යෂ්ටික පහසුකම්වල ආරක්ෂණ ප්‍රශ්නය විසඳීමට සහ සංවාදය නැවත ආරම්භ කිරීමට හිතකර කොන්දේසි නිර්මාණය කරන ලෙස එක්සත් ජාතීන්ගේ චීනයේ උප නියෝජිත Geng Shuang මහතා සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී.

ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ අධ්‍යක්ෂ ජනරාල් Rafael Grossi මහතා විවිධ පාර්ශ්වයන්ගේ පොදු අවශ්‍යතා කෙරෙහි අවධානය යොමු කරමින් මූලධර්ම පහක් සහිත Zaporozhye න්‍යෂ්ටික බලාගාර ආරක්ෂණ යෝජනාව ඉදිරිපත් කළේය. එමෙන්ම එම යෝජනාව සඳහා Grossi මහතා සක්‍රීය කාර්යභාරයක් ඉටු කරන බවත්, Geng Shuang මහතා ඊයේ (30) ආරක්ෂක මණ්ඩලයේදී පැවසීය. Rafael Grossi මහතාගේ මෙම කැප වීම චීනය අගය කරයි. මානුෂීයවාදය, විද්‍යාත්මක තාර්කිකත්වය, සහයෝගීතාවය සහ "න්‍යෂ්ටික ආරක්ෂාව පිළිබඳ සම්මුතිය" අනුගමනය කරන ලෙසත්, න්‍යෂ්ටික පහසුකම්වලට හානි කිරීම හා සියලු අනතුරු වළක්වා ගන්නා ලෙසත්, හෙතෙම අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියේය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම